ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය අද ඕමානයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.
ලෝකයේම වැඩි අවධානයක් යොමු වී ඇති මෙම තරගාවලියට හිටපු සුපිරි ක්‍රිකට් තරු රැසක් මෙම තරගාවලියේ කණ්ඩායම් වලට එක්වීමට නියමිතයි.
මේ අතර මෙම තරගාවලියට සහභාගිවීමට නියමිතව සිටි හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය අද පැවැත්වෙන මෙම තරගාවලියට එක්නොවන බවට තොරතුරු වාර්තා වේ.
එම වාර්තා සදහන් කළේ සෞඛ්‍යමය හේතුවක් මත සනත් මෙම තරගාවලියේ ආරම්භයට සහභාගි නොවන බවයි.
කෙසේ වෙතත් ඔහු පසුව තරගාවලියට එක්වන බවද එම වාර්තා සදහන් කරයි.
ලෙජන්ඩ් ලීග් තරගාවලියේ ආරම්භක තරගය අද ආසියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඕමානයේදී රාත්‍රී 8ට ආරම්භවීමට නියමිතයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි