සනීපාරක්ෂක තුවාවල පවතින මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයින් විසින් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමග අද පැවති සාකච්ඡාවකදි පැවසීය.
එහිදී නිෂ්පාදකයින් පවසා ඇත්තේ සනීපාරක්ෂක තුවා සඳහා පසුගිය රජය විසින් පනවන ලද 30%ක බදු ප්‍රමාණය මෙවර අයවැය මඟින් 15%කින් අඩු කරන ලද අතර ඉතිරි ප්‍රමාණය 15%ක සෙස් බද්දක් ලෙස පනවා ඇති බවය.
එහෙත් වෙළෙඳපොලට නිකුත් කරන සනීපාරක්ෂක තුවාවල පවත්නා මිල ගණන් වෙනස් වී නොමැති බව ඔවුන් පෙන්වා දී තිබේ.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට