ලබන සඳුදා (14) දිනයේ සිට සියලු කාර්යාල දුම්රියන් ධාවනය සඳහා යෙදවීමට පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
අද (12) සහ හෙටත් (13) දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ප්‍රධාන දුම්රිය මාර්ගය, මුහුදුබඩ දුම්රිය මාර්ගය ඇතුලු සියලු දුම්රිය මාර්ග ආවරණය වන පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.
සති අන්තයේ සීමිත දුම්රිය ප්‍රමාණයක් ධාවනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවත් ඒ අනූව මහනුවර සිට එක් දුම්රියක්, රඹුක්කන සිට එක් දුම්රියක්, පොල්ගහවෙල සිට එක් දුම්රියක්, උතුරු මාර්ගයේ මහව සිට එක් දුම්රියක් ධාවනය කෙරේ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග