චන්ද්‍රයාගේ පාෂාණ රැගත් චීන අභ්‍යවකාශ යානය මේ වනවිට පෘථිවියට ළඟා වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 1976 වසරේ සෝවියට් සමූහාණ්ඩුවේ ලූනාර් ට්වෙන්ටි ෆෝ යානයට පසු චන්ද්‍රයාගෙන් පාෂාණ රැගෙන පෘථිවියට පැමිණි ප්‍රථම යානය චීනයේ චැන්ග් අ ෆයිව් බවයි.
චන්ද්‍රයාගේ මොන්ස් රුක්මර් හි පෞරාණික ගිනිකඳු ආශ්රිත ප්‍රදේශයකට ගොඩබැස් වූ මෙම යානය කිලෝග්‍රෑම් 2 ක බරින් යුත් පාෂාණ රැගෙන පැමිණි බව චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය සඳහන් කළේ.
මෙම පාෂාණ අධ්‍යනයෙන් චන්ද්‍රයාගේ ඉතිහාසය සහ සෞරග්‍රහ මණ්ඩලයේ සෙසු ග්‍රහයන් පිළිබඳ අවබෝධ කරගැනීම විද්‍යාඥයන්ගේ අපේක්ෂාවයි.
මේ අතර සඳ මත සිය ධජය එසවීමට සමත් වූ දෙවැනි රට බවට චීනය පත් වුනා.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්