බොරතෙල් නෞකාවක් මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු නොකිරීමේ තත්ත්වය තුළ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ලබන 23 වනදායින් අනතුරුව වැසීයාමේ අවදානමක් මතුවී තිබෙන බවට වාර්තා වී ඇත.
ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවසුවේ බොරතෙල් නෞකාවක් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර නොගතහොත් පිරිපහදුවේ කටයුතු අඩපණ වීමෙන් අර්බුද රැසකට මුහුණ දීමට සිදුවන බවය.
මේ අතර ඉන්ධන සීමා සහිතව නිකුත් කර ඇති බැවින් අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කිරිමෙන් වලකින ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා පවසයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති