සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති පිහිටුවීම අද (26) දිනයේ විපක්ෂ නායක, පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරනු ලැබ තිබේ.
ඒ අනුව සමගි ජන බලවේගයේ සමගි සේවක සංගමයේ සභාපති ලෙස අශෝක් අබේසිංහ, සමගි රාජ්‍ය සේවා වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති ලෙස මුජිබර් රහුමාන්, සමගි අධ්‍යාපන සේවක සංගමයේ සභාපති ලෙස තුෂාර ඉදුනිල්, යන මන්ත්‍රීවරු විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
මෙම අවස්ථාවට සරත් ෆොන්සේකා මහතාද එක්ව සිටියේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්