සමස්ත ආසියානු ජනතාවගේ පොදු අපේක්ෂාවන් පිළිබිඹු කරන චීනයේ අලුත් අවුරුදු තෑග්ග…

9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල පසුගිය 7 වනදා රාත්‍රීයේ චීනයේ Harbin නගරයේදී ආරම්භ විය. බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලෙන් පසු චීනය ප්‍රධාන ජාත්‍යන්තර අයිස් සහ හිම ඉසව්වක් පවත්වන දෙවන අවස්ථාව මෙයයි. මෙම ඉසව්ව සඳහා ආසියාවේ රටවල් සහ කලාප 34ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1270කට වැඩි පිරිසක් සහභාගී වූ අතර, එම සංඛ්‍යා දෙකම නව වාර්තාවක් සනිටුහන් කිරීමකි.

ලොව විශාලතම සහ වඩාත්ම ජනාකීර්ණ මහාද්වීපය ලෙස, ආසියාව පසුගිය වසර 50 තුළ වේගවත් ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළ අතර ගෝලීය ආර්ථික වර්ධනයට වැඩිම දායකත්වයක් සපයා ඇත. වර්තමානයේ ගෝලීය වශයෙන් විවිධ විපර්යාස සපිරි කාලවකවානුවක, භූ දේශපාලනික තරඟය ද තීව්‍ර වී ඇත. ඒකපාර්ශ්විකවාදය සහ ආරක්ෂණවාදය සක්‍රිය වෙමින් පවතී. ආසියාවට යහපත් අනාගත සංවර්ධන දැක්මක් තිබුනද, විවිධ අභියෝගවලට මුහුණ දී තිබේ. මෙවැනි පසුබිමක් යටතේ, Harbin ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල, සාමය, සංවර්ධනය සහ එකමුතුකම සඳහා ආසියානු ජනතාවගේ පොදු අභිලාෂය පිළිබිඹු කිරීමක් බව කිව හැකිය.

බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සිට Harbin ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල දක්වා පැමිණි ගමනේ, චීන රජයේ නිවැරදි ප්‍රතිපත්ති සහ දේශීය සම්පත්වලින් නිසි ප්‍රතිලාභ ලබා, චීනයේ අයිස් සහ හිම කර්මාන්තය “උණුසුම් කර්මාන්තයක්”  බවට පරිවර්තනය වීම මනාව පෙන්නුම් කරයි. ඒ සමගම අයිස් සහ හිම ක්‍රීඩා, අයිස් සහ හිම සංස්කෘතිය, අයිස් සහ හිම උපකරණ සහ අයිස් සහ හිම සංචාරක ව්‍යාපාරය යන සමස්ත කර්මාන්ත දාමයේ සංවර්ධනය කැපී පෙනෙන ලෙස ප්‍රවර්ධනය වෙමින් පවතී. “අයිස් සහ හිමෙන් වැසුණු ලෝකයකට ද රන් හා රිදී වැනි වටිනා දේපළ නිර්මාණය කළ හැකි ය” යන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රකාශය, මේ සඳහා විචිත්‍රවත් අර්ථකථනයක් සපයයි.

Harbin ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල, බිලියන 4.7ක සමස්ත ආසියානු ජනතාවගේ සමගිය තවදුරටත් ශක්තිමත් කර ඇති අතර ලෝක ආර්ථිකයට ද නව ජවයක් එක් කර ඇත. මෙය ඔලිම්පික් ව්‍යාපාරයට සහ සමස්ත ලෝකයට චීනයෙන් ලැබුණු තවත් අලුත් අවුරුදු තෑග්ගක් බව කිව හැකිය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com