චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පේරු ජනරජයේ ලීමා නුවර දී පැවති 2024 එපෙක් සංවිධානයේ කාර්මික හා වාණිජ නායකයින්ගේ ප්‍රධාන විධායක සමුළුවේදී ලිඛිත දේශනයක් සිදු කරයි. ඒ ‘යුගයේ ප්රවණතාවට අනුගත වෙමින් ලෝක සමෘද්ධිය පොදුවේ තහවුරු කිරීම’ යන තේමාව යටතේ ය. මෙම සමුළුව පේරු වේලාවෙන් ඊයේ(15) පෙරවරුවේ පැවැත්විණ.
ආසියානු ශාන්තිකර රටවල් ආර්ථික ගෝලීයකරණයට පුළුල් ලෙස සම්බන්ධ කර ගනිමින් පොදු ප්රතිලාභ සහිත මෙන් ම පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් නිර්මාණය කර ඇති බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. ගෝලීයකරණය යනු සමාජ නිෂ්පාදන ධාරිතාවේ සංවර්ධනයෙන් හා තාක්ෂණික දියුණුව ඔස්සේ නිර්මාණය වූ අනිවාර්ය ප්රතිඵලයකි. ආර්ථික ගෝලීයකරණ දිශානතියට නිසි මඟපෙන්වීමක් අවශ්‍ය වේ. මේ සඳහා නවෝත්පාදනය ඔස්සේ ලෝක ආර්ථිකයේ සවිමත්භාවය වැඩි දියුණු කළ යුතු ය. එසේ ම, යුගයට ගැලපෙන පරිදි ගෝලීය ආර්ථික පාලන පද්ධතියේ ප්‍රතිසංස්කරණය ඉදිරියට ගෙන යමින් ජනතාව කේන්ද්‍ර කර ගෙන සංවර්ධන අසමතුලිතාවයට ද පිළියම් ලබා දිය යුතු බව චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.
ගතවූ වසර 30 තුළ, ආසියානු ශාන්තිකර කලාපයේ ආර්ථිකය සවිමත් ව ඉදිරියට ගොස් ඇති අතර ‘ආසියානු ශාන්තිකර සංවර්ධන විස්මය’ නිර්මාණය වූ බව ෂී ජින්පිං මහතා අවධාරණය කරයි. එහි සාර්ථකත්වය අත් කර ගැනීමට හැකි වී ඇත්තේ එම කලාපය තුළ සාමය, ස්ථාවරත්වය, සැබෑ බහුපාර්ශ්වවාදය හා විවෘත කලාපීයවාදය වෙනුවෙන් අඛණ්ඩ ව දායක වීම හේතුවෙනි. එමෙන්ම ආසියානු ශාන්තිකර කලාපයේ ආර්ථික ගෝලීයකරණය තවදුරටත් තහවුරු කිරීමට ප්රමුඛ කාර්යභාරයක් ඉටු කළ යුතු ව ඇත.
චීනය, පූර්ණ වශයෙන් ප්‍රතිසංස්කරණ සිදු කරන බව පැවසූ ෂී ජින්පිං මහතා ගෝලීය ආර්ථිකය වෙත ප්‍රබල ශක්තියක් අඛණ්ඩ ව ලබා දීමට සූදානම් බව ද සඳහන් කළේය. ගුණාත්මක සංවර්ධනය සහතික කරන අතර ‘එක් තීරයක් එක් මාවතක්’පොදුවේ ගොඩනැංවීම තවදුරටත් සහතික කෙරේ. වඩාත් ඉහළ මට්ටමේ විවෘත ආර්ථිකය පිළිබඳ නව ක්‍රමවේදයට අනුගත වන චීනය, විවෘත කිරීමේ වඩාත් වැඩි ස්වයං ප්රතිපත්තීන් ක්‍රියාත්මක කරනු ඇත. සමස්ත ලෝකය සමග චීන සංවර්ධන අවස්ථාවන් අඛණ්ඩ ව හුවමාරු කර ගැනීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි