රජයේ අයවැය ලේඛනය (2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන කෙටුම්පත) දෙවන වර කියවීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (12) පස්වරු 2.00 ආරම්භ කිරීමට නියමිතය බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.
මෙය නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැයයි.
මෙම පනත් කෙටුම්පත මුදල් ඇමතිවරයා විසින් පසුගිය මස 07 වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
2022 මුදල් වර්ෂයට අදාළ සේවා වියදම් ඒකාබද්ධ අරමුදලින් හෝ ප්‍රතිපාදන සහිත වෙනත් සුදුසු අරමුදලකින් ලබා ගැනීමටත්, ශ්‍රී ලංකාවේ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම ඇතුළු කරුණු කාරණා සඳහා වන මෙම විසර්ජන පනත් කෙටුම්පත 2021 සැප්තැම්බර් 29 දින ගැසට් පත්‍රයේ පළ කෙරිණ.
මේ අනුව 2022 ජනවාරි මස පළමු වැනිදා සිට 2022 දෙසැම්බර් 31 වැනිදා දක්වා වන කාලසීමාව තුළ සේවා වියදම් සඳහා රුපියල් දෙදහස් පන්සිය පස් බිලියන තුන්සිය හතළිස් හය මිලියන පන්සිය පනස් අටදහසක් වන ආණ්ඩුවේ වියදම්වලට අදාල පුනරාවර්තන සහ මූලධන වියදම් සඳහා අනුමැතිය ලබා ගැනීමට නියමිතය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ xvii පරිච්ඡේදය අනුව රාජ්‍ය මූල්‍ය පිළිබද සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවන අතර බදු නියම කිරීම, ඒකාබද්ධ අරමුදලින් හෝ ප්‍රතිපාදන සහිත වෙනත් සුදුසු අරමුදලකින් ලබා ගැනීම ඇතුළු කාරණා සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු වේ.
04:50 PMමැතිසබය හෙටට කල් තබයි.
04:34 PMමහ ජනතාවට බරක් නොවී මහජන බදු මුදල් අය කිරීමට අප කටයුතු කර තිබෙනවා.
04:32 PMබැඳුම්කර සිද්ධියේ දී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අයථා අයුරින් උපයන ලද රුපියල් බිලියන 8.5 ක මුදල මහා භාණ්ඩාගාරයට .
04:31 PMඅනතුරුවලට ලක්වන මෝටර් රථවලින් ගාස්තුවක් අය කිරීමට යෝජනා කරනවා.
04:30 PMනිදහස් කර නොගත් ශ්‍රී ලංකා රේගුවේ තිබෙන සියලු වාහන නිදහස් කරනවා. මෙලෙස නිදහස් කරන්නේ අදාළ බදු සහ දඩ ගැනීමෙන් අනතුරුවයි.
04:28 PMබැංකු හා මූල්‍ය සේවා ආයතන විසින් මූල්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් අගය එකතු කිරීම මත අය කරන බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා.
04:27 PMවහාම ක්‍රියාත්මක වන පරිදි සුරාබද්ද වැඩි කරනවා.රුපියල් බිලියන 25 ක ආදායමක් මෙයින් අපේක්ෂා කරනවා.
04:26 PMසිගරට් නිෂ්පාදන බද්ද වැඩිකරනවා . සිගරට්ටුවක මිල රුපියල් පහකින් වැඩි කරනවා
04:26 PMවෘත්තියවේදීන්ගේ කාර්යභාරය ඉටුකිරීම පහසු කරලීම උදෙසා වෘත්තියවේදීන්ගේ සංගම්වලට රුපියල් මිලියන 100 ක ප්‍රතිපාදන අයවැය යෝජනාවලට ඇතුළත් කිරීමට යෝජනා කරනවා
04:24 PMඑක් වරක් පමණක් අය කරන බදු රුපියල් මිලියන 2000 වඩා ආදායමක් ලබන පුද්ගලයන් හා සමාගම් මත 25% ක බද්දක් අයකරනවා .මෙයින් රුපියල් මිලියන සීයක් උපයා ගැනීමට අපේක්ෂා කරනවා.
04:23 PM2015 සිට 2019 කාලය තුළ දේශපාලන පලිගැනීමට ලක් වූවන්ට වන්දි ගෙවීම. පසුගිය පාලන සමයේ මෙරට තුළ ප්‍රතිවාදී දේශපාලන මතදාරීන් ඉතා අමානුෂික ලෙස පීඩාවට ලක් කළා ඔවුන්ගේ පරපීඩක මානසිකත්වය අපට තේරුම් ගත නොහැකිය තරම්ය. එම යුගය තුළ අපට අසාධාරණයට ලක් වූවන්ට විවිධ පීඩාවන්ට ගොදුරු වූවන්ට සහන සැලසීම අපේ යුතුකමක් ඒ සියල්ලන් වෙත සියල්ල ඉටුකිරීම වෙනුවෙන් තවත් මිලියන සීයක් වෙන් කිරීමට කටයුතු කරනවා.
04:20 PMඅතුරුදහන් වුණු වූවන්ට වන්දි ගෙවීම සඳහා තවත් රුපියල් මිලියන තුන්සියයක් වෙන් කරනවා.
04:19 PMබෞද්ධ විහාරස්ථාන නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
04:18 PMරාජ්‍ය සේවකයන්ට යතුරුපැදි ලබාදීම සඳහා රුපියල් මිලියන 500 ක් ද විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කිරීමේ මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 500ක් ද වෙන් කරනවා.
04:18 PMදේශපාලන පළිගැනීමට ලක්වූවන් සඳහා වන්දි ගෙවීමට රුපියල් මිලියන සීයක් වෙන් කරනවා.
04:17 PMසියලූ උපාධිධාරීන්ට ලබන ජනවාරියේ සිට ස්ථිර පත්වීම් දෙනවා.ඒ සඳහා මිලියන 7600 ක් වෙන් කරනවා.
04:17 PMගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා රුපියල් මිලියන තිස් දහසක් වෙන් කරනවා.
04:16 PMදිළිඳු පවුල් සඳහා සහන මල්ලක් ලබාදීමට රුපියල් මිලියන පහළොස් දාහක් වෙන් කිරීමට යෝජනා කරනවා.
04:16 PMරාජ්‍ය සේවය සඳහා සේවාලාභීන් කේන්ද්‍ර ගත රාජ්‍ය සේවය කිරීම සඳහා දැනට වෙන් කර ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 500, දැනට මිලියන 3500 කරල තියනවා. ඊට අමතරව ලබා දෙනවා
04:14 PMගෘහ ආරක්ෂිත සුරක්ෂිත කිරීම සඳහා රුපියල් මිලියන 3100 වෙන් කරනවා.ගැබිනි මාතාවන් සඳහා මාස විසි හතරක් දක්වා පෝෂණ මල්ලක් ලබා දීමට මිලියන දහසක් දහසක් දෙනවා.
04:13 PMවිශේෂ අවශ්‍යතා සහිත ළමයින් ට සහ වැඩිහිටියන්ට පහසුකම් සැලසීමට තවත් රුපියල් මිලියන 200 වැඩි කිරීමට යෝජනා කරනවා.
04:12 PMමගී ප්‍රවාහනය දුම්රිය හා ලංගමට දැනට වෙන්කර තියන වාර්ෂික අයවැයෙන් වෙන් කරල තියන මුදලට අමතරව තවත් මිලියන 2,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා
04:11 PMමහජන ආරක්ෂාව සඳහා පොලිසියට තවත් රුපියල් මිලියන 500 ක් ද, බන්ධනාගාර රැඳවියන්ගේ සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා නමක් රුපියල් මිලියන දෙසීයක් ද වෙන් කිරීමට යෝජනා කරනවා.
04:11 PMවෘත්තීය හා තාක්ෂණික පුහුණු කටයුතු සඳහා තවත් රුපියල් මිලියන දෙදහක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා
04:11 PMසුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණය සඳහා තවත් රුපියල් මිලියන 2000ක් ද වෘත්තීය සහ තාක්ෂණික පුහුණු කටයුතු සඳහා තවත් රුපියල් මිලියන 2000ක් ද දුම්රිය සහ ලංගම සඳහා තවත් රුපියල් මිලියන 2000ක් වෙන් කරනවා.
04:09 PMහෙල වෙදකම දියුණු කිරීම සඳහා රුපියල් මිලියන පන්දාහක් වෙන්කරනවා. ක්‍රීඩා පහසුකම් දියුණු කිරීම සඳහා තවත් රුපියල් මිලියන 3000ක් වෙන් කරනවා.
04:08 PMජාතික පාසල් දහසක් ඇති කිරීමේ කටයුත්ත සඳහා දැනටමත් මිලියන 2,000 ක් වෙන් කර තිබෙනවා.එය කටයුතු කිරීම සඳහා තවත් මිලියන 5300 ක ප්‍රතිපාදන වෙන් කරනවා.
04:08 PMගංගා නිම්න පරිසර සංරක්ෂිත ලෙස සංරක්ෂණය කරනවා.පරිසර සංරක්ෂණය සඳහා රුපියල් මිලියන දෙදහසක් වෙන් කරනවා.වනජීවි ආරක්ෂණය සඳහා තවත් රුපියල් මිලියන දහසක් වෙන් කරනවා.
04:07 PMපාර්ලිමේන්තු කටයුතු ආරම්භ වෙයි
03:38 PMසභාවේ කටයුතු විනාඩි දහයකට 10කට කල්තබයි
03:36 PMපාසල් වෑන් රථ රියදුරන්ට සහන සැලසීමට රුපියල් මිලියන 400ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
03:34 PMසෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විමධ්‍යගත අයවැය සඳහා මිලියන 5 ක් වැඩි කරනවා.ඒ අනුව මිලියන 3 375ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
03:33 PMඒ වගේම කුඩාම පළාත් පාලන ආයතන ඒකකය තමයි කොට්ඨාසය. කොට්ඨාස අර්ධ සමිතිය දාහක් ලංකාවේ කියනවා ඒ හැම කොට්ඨාසයකටම මිලියන හතරක් නැත්තං ලක්ෂ හතළිහක්
03:33 PMවාරි සෞභාග්‍ය වැඩසටහන සඳහා දැනට වෙන් කළ මුදලට අමතරව රුපියල් මිලියන විසි දහසක් වෙන් කිරීමට යෝජනා කරනවා.වතු නිවාස දියුණු කිරීම සඳහා රුපියල් මිලියන පන්සීයක් වෙන් කිරීමට යෝජනා කරනවා.
03:28 PMඅපනයන නිෂ්පාදන සංවර්ධනය යටිතල පහසුකම් සැපයීම සඳහා රුපියල් මිලියන 5000ක් වෙන් කිරීමට යෝජනා කරනවා. කර්මාන්ත නගරයෙන් ගමට ගෙන යනවා.කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින්ට අවශ්‍ය පහසුකම් සැලසීමට රුපියල් මිලියන 5000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
03:23 PM2021 වසරේදී කුකුල් මස් අපනයන කිරීමට අපිට හැකි වුණා. ඒත් කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් තවදුරටත් අපි වෙහෙසිය යුතු බව හැඟෙනවා. විශාල ධනස්කන්ධයක් කිරිපිටි ආනයනය සඳහා වැය කරනවා. ඒ නිසා කිරි නිෂ්පාදනය ඉහළ නංවා දියර කිරි පරිභෝජනය වැඩි කිරීම සඳහා දැනට විසර්ජන පනතින් වෙන්කොට ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 1000 ක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
03:22 PMඅපනයන බෝග වගාවන්ට සිදුවී ඇති පසුබෑම හදුනාගෙන එය නැවත සංවර්ධනය සඳහා වෙන් කළ මුදලට අමතරව තවත් රුපියල් මිලියන දස දහසක් වෙන් කිරීමට යෝජනා කරනවා..
03:18 PMවල් පැලෑටි මර්දනය සඳහා හෙක්ටයාර් දෙකකට නොවැඩි උපරිමයකට යටත්ව හෙක්ටයාරයකට රුපියල් 5000 ක ආධාර මුදලක් ලබාදීමට යෝජනා කරනවා.
03:16 PMඅධික විෂ රසායනයන්ගෙන් තොරව නාශක ක්‍රමවේදයන් වෙනුවෙන් රුපියල් මිලියන 4000ක් වෙන් කෙරේ.
03:15 PMරාජ්‍ය නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ ඉන්ධන දීමනා මසකට ලීටර් 5 කින් අඩු කෙරේ.
03:14 PM එළඹෙන 2022 මුදල් වර්ෂය සඳහා රජයේ මූල්‍ය කළමණාකාර වැඩ සටහනේ වියදම් යෝජනාවලිය හෙවත් ආයෝජන සැලැස්ම මෙතන සිට ඉදිරිපත් කිරීම.
03:14 PMවෙනත් වෘත්තිය සමිතියක සාමාජිකුව සිටිය දී රජයේ වෘතීය සංගමයක සාමාජිකත්වයට ලබා දී ඇති සීමා ඉවත් කරනවා.කෘෂිකර්මාන්තයට වැඩි ආයෝජනයක් කරනවා
03:13 PMකෘෂිකාර්මික නිෂ්පාදනවලට හොඳ මිලක් ලැබෙන කෘෂි කර්මාන්තයේ අවදානම අවම කරන ජාතික වැඩ පිළිවෙළක් සකස් කරනවා.හරිත කෘෂිකර්ම පනතක් ඉදිරිපත් කරනවා.
03:10 PMවිදේශ සහ දේශීය අපනයන කරුවන්ගේ අපනයනකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නීති කෙටුම්පත් කරනවා.
03:09 PMවිදේශ සේවා නියුක්තිගෙන් ලැබෙන විදේශ විනිමය ඉහළ නැංවීමේදී රැකියා සඳහා විදේශගත වීමට අවශ්‍ය දැනුම පුහුණුව සහ අනෙකුත් අවශ්‍යතා ලබා දීමට දැනට පවතින රජයේ පහසුකම් වැඩි දියුණු කරන අතර විදේශ රටවල විදේශ රටවල තානාපතිවරුන් සමඟ සාකච්ඡා කර ඒ සඳහා පවතින අවස්ථා වැඩි කිරීමට යෝජනා කරනවා
03:09 PMදුම්රිය දෙපාර්තමේන්තුවේ ඵලදායී ලෙස ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් මිශ්‍ර සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්නවා.
03:09 PMකොළඹ වරාය අන්තරාල වරායක් ලෙස ද ත්‍රිකුණාමලය වරාය කර්මාන්ත වරායක් ලෙස ද ගාලු වරාය සංචාරක වරායක් ලෙස ද හම්බන්තොට වරාය සේවා වරායක් ලෙස ද සංවර්ධනය කරනවා.
03:08 PMදුම්රිය දෙපාර්තමේන්තුවේ ඵලදායී ලෙස ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් මිශ්‍ර සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්නවා.සෑම දිස්ත්‍රික්කයකම නවීන පන්නයේ රෝහලක් සහ පාසලක් ඇරඹීමට ආයෝජකයන් දිරි ගන්වනවා.
03:07 PMකෘෂිකාර්මික නිෂ්පාදන වලට හොඳ මිලක් ලැබෙන, කෘෂි කර්මාන්තයේ අවදානම අවම කරන ජාතික වැඩ පිළිවෙළක් සකස් කරනවා.හරිත කෘෂිකර්ම පනතක් ඉදිරිපත් කරනවා.
03:06 PMකාන්තාවන්ට සහ තරුණයන්ට වගා නොකළ ඉඩම් ලබා දී නව කෘෂි ව්‍යවසායකයින් බිහි කරනවා.ඉඩම් උපරිම පරිභෝජනය කිරීම සඳහා නව නීති හඳුන්වා දෙනවා.
03:03 PMකාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම ගම් මට්ටමින් සිදු කරනවා.
03:03 PMසුවතා සංචාරක කේන්ද්‍රයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට අවශ්‍ය පසුබිම කඩිනමින් සකසනවා.පාරම්පරික හෙළ වෙදකම ප්‍රවර්ධනය කිරීම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කරනවා
03:02 PMවිදුලි හා ඉලෙක්ට්‍රොනික් උපකරණ නිෂ්පාදන අමුද්‍රව්‍ය අඩුකරනවා. පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන මෙවලම් දේශීයව නිෂ්පාදනය කිරීමට යෝජනා කරනවා
03:00 PMරබර් ආශ්‍රීත නිශ්පාදන ආනයනය සීමා කිරීමටත්,රබර් ආශ්රිත නිශ්පාදන කර්මාන්ත දිරිගැන්වීමටත් යෝජනා කරනවා.
03:00 PMමැණික් හා ස්වභාවික ඛනිජ සම්පත්වල ලෝක වෙළෙඳ පොළේ පංගු කාරිත්වය වැඩි කිරීමට කටයුතු කරනවා.ශ්‍රී ලංකාව මැණික් මිලදී ගැනීමේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට පත්කිරීම අපේ අරමුණයි.
03:00 PMඇඟලුම් කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය සහ එම නිෂ්පාදන ප්‍රවර්ධනය තුළින් ජාත්‍යන්තර වෙළෙඳපොළේ නව ව්‍යාපාර කිරීමට යෝජනා කරනවා
02:59 PMඖෂධ නිෂ්පාදනය සඳහා අන්තර්ජාතික පිළිගැනීමක් සහිත සමාගම් සමඟ එකතු වී ඉහළ ප්‍රමිතියෙන් යුතු ඖෂධ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට පෞද්ගලික අංශයට පහසුකම් ලබා දෙනවා.ඖෂධ මිල සඳහා පත් කර ඇති කමිටුවේ යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කරනවා.
02:57 PMතරුණ පරපුර රැකියා සොයන්නන් බවට පත් නොකර ව්‍යවසායකයන් බවට පත් කිරීමේ වැඩසටහනක් සකස් කරනවා.
02:57 PMපලතුරු, එළවළු, මත්ස්‍ය නිෂ්පාදන ,දියර කිරි ,නිෂ්පාදනය හා වාණිජ බෝග වගාවන් ඇතුළු වගාවන් ගැටළු අවශ්‍යතා වූණ සමාලෝචනය කර දේශීය හා විදේශීය වෙළෙඳපොළ ඉලක්ක නිෂ්පාදනය කිරීමට කටයුතු කළ යුතුය යෝජනා කරනවා
02:57 PMනව විවසාය ඇරඹුම් වලට 2022 වසරේ පමණක් ලියාපදිංචි ගාස්තු අය නොකෙරේ
02:56 PMවිශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා පනතක් හඳුන්වා දෙනවා .ඔවුන්ගේ ව්‍යසායකත්වය හා කුසලතා සංවර්ධනය කරන්නට වැඩසටහනක් සකස් කරනවා.
02:55 PMඉහළ යන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රැකගැනීම සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් සකස් කරනවා .විශ්‍රාම වැටුප් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කරනවා.
02:55 PMත්‍රීරෝද රථ නියාමන අධිකාරියක් පිහිටුවීමට යෝජනා කරනවා.ත්‍රීරෝද රථ ලක්ෂ 7 කට වඩා තිබෙනවා.
02:52 PMගුවන් විදුලි හා රූපවාහිනී සංඛ්‍යාත පැවරීම විවෘත වෙන්දේසියක් යටතේ පමණක් සිදු කරනවා
02:51 PMරුපියල් බිලියන දෙදහකට වැඩි මුදලක් බදු ආදායම් ලෙස එකතු වන්නේ නැහැ.
02:50 PMමුළු රටම ආවරණය වන පරිදි විදුලි සංදේශ ජාලයක් ආරම්භ කරනවා.
02:50 PMබදු නියමිත පරිදි අයකරගෙන රාජ්‍ය බදු ආදායම වැඩි කර ගැනීමට කටයුතු කරනවා .
02:49 PMආනයන අපනයන ක්‍රමවේදය පහසු කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කරනවා.ඒ සඳහා ඊට අදාළ සියලු ආයතන ඒකාබද්ධ කිරීමට කටයුතු කරනවා.
02:48 PMසමාජ තත්ත්වයන් මත පදනම්ව සමෘද්ධි ව්‍යාපාරය නවීකරණය කිරීමට යෝජනා කරනවා
02:48 PMරක්ෂණ සංස්ථාවේ දේපළ සහ ජීවිත රක්ෂණ ඒකාබද්ධව පවත්වාගෙන යෑමට නීති සංශෝධනය කරනවා
02:47 PMසමුපකාර හා ග්‍රාමීය බැංකු තැන්පත්කරුවන්ට සිදුවී ඇති මූල්‍ය හානි ප්‍රතිපූර්ණය කර සහන ලබාදීමට සමුපකාර ව්‍යාපාරය ශක්තිමත් කරනවා.
02:45 PMසමෘද්ධි ව්‍යාපාරය නවීකරණයට.සමෘද්ධි ව්‍යාපාරය ග්‍රාම සංවර්ධන ව්‍යාපාරයක් බවට පත් කිරීම අරමුණයි
02:44 PMරාජ්‍ය ආයතනවල දුරකථන වියදම සියයට 25 කින් කපා හරිනවා.
02:43 PMරාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කර නව වැටුප් ව්‍යුහයක් ආරම්භ කරනවා.වැටුප් වර්ධක නියම කාලයට ලබාදීමට කටයුතු කරනවා.
02:42 PMසෑම රාජ්‍ය ආයතනයක් සඳහාම පාරිභෝගික සේවා පොරොන්දු පත්‍රයක් සකස් කිරීමට කටයුතු කරනවා
02:41 PMපාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේම විශ්‍රාම කාලය වසර 10 දක්වා දික් කිරීමට යෝජනා කරනවා.
02:39 PMදැනට ඉදිකරමින් පවතින කාර්යාලය හැර නව කාර්යාලය ඉදිරි කිරීම වසර පහකට අත්හිටුවනවා.
02:38 PMකෙටිකාලීන අපහසුතා ඇති වූවත් මැදි හා දිගුකාලීන පරමාර්ථයන් සාක්ෂාත් කර ගැනීමට හැකි වෙනවා.
02:37 PMරාජ්‍ය ව්‍යවසාය පවත්වාගෙන යාමට කර ඇති වියදම රුපියල් බිලියන 670ක්. අයවැය යෝජනා ලබා ගත්තේ සමාජයේ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි
02:36 PMවැඩිහිටි ජනගහනය ඉහළ යාම ඉදිරි දශකයේ අභියෝගයක්
02:32 PMවෙළෙඳ භාණ්ඩ අපනයනයට සුවිශේෂි වැඩ පිළිවෙළක් සකසා තිබෙනවා.
02:31 PMවිදේශ විනිමය ලබා ගැනීමට නව ප්‍රවේශයක් අවශ්‍යයි.
02:30 PMවිදේශ සංචිත හැකිලෙමින් තිබෙනවා. රුපියලේ අගය පහළ යමින් තිබෙනවා.
02:28 PMතොරතුරු තාක්ෂණ සේවය පුළුල් කළ යුතුයි.
02:27 PMමිත්‍රශීලි ද්විපාර්මශ්ක හා බහු පාර්ශ්වික සබඳතා ඇති කරගෙන තිබෙනවා.
02:24 PMනිෂ්පාදික ආර්ථිකයට වැඩි බරක් ලබාදීමට කටයුතු කරනවා.
02:22 PMකුඩා නිෂ්පාදකයාගේ සිට මහා පරිමාණ නිෂ්පාදකයා දක්වා පහසුක් නැංවිය යුතුයි
02:20 PMජනගහණයට සාපෙක්ෂව නිෂ්පාදනය වැඩි කිරීමට අප සමත්වී නැහැ.
02:17 PMඑන්නත්කරණය ඉහළින්ම සපුරා අවසන් ජන ජීවිතය නඟා සිටුවීමත් සංචාර ඇතුළු ක්ෂේත්‍ර නගා සිටුවීමටත් හැකියාව තිබෙනවා.
02:15 PMනාස්තියෙන් දූෂණයෙන් තොර පාලනයක් ගෙන යාමට පියවර ගන්නවා.
02:14 PMඅය වැය අහන්න ජනපති ගෝඨාභය රාජපක්ෂ මැති සබයට පැමිණෙයි
02:14 PMජාතික ආරක්ෂාව ස්ථිර කරන්න හැකි වුණා.
02:14 PMආසියාවේ ශක්තිමත්ම සහ ස්තාවරම දේශපාලන නායක්වය ඇති රට ලංකාවයි
02:09 PMගෝලීය අර්බුද පහක් අභියස අය වැය ඉදිරිපත් කරන බව මුදල් ඇමති පාර්ලිමේන්තුවේදී පවසයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්