ඔක්තෝබර් 17 වෙනිදා සිට ආරම්භවන මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට තරගාවලියෙ සම්පූර්ණ තරග කාලසටහන අද එලි දැක්වුනා.එහිදි ශ්‍රි ලංකාවේ පළමු තරගය හා නැමිබීයාව සමග් පැවත්වෙන අතර ,තරගය ඔක්තෝබර් 18 දා අබුඩාබි හිදි පැවැත්වේ.ලංකාව මූලික වටයෙදි අයර්ලන්තය.නෙදර්ලන්තය හා නැමිබියාවට එරෙහිව තරග කරයි.

බංගලාදේශය,ස්කොට්ලන්තය,පැපුවා නිව්ගිනියාව හා ඕමානය ඇතුලත් මූලික වටයෙ අනිත් තරග පැවැත්වෙන්නෙ ඕමානයෙදි වීම විශේෂත්වයක්.
මුලික වටයෙන් පසුව පැවැත්වෙන සුපිරි වටයෙදි ඕස්ට්‍රලියාව හා දකුණු අප්‍රිකාව පලමු තරගයෙදි ක්‍රිඩා ක්රිමට නියමිතයි. ඒ අබුඩාබි හිදී.
අවසන් මහා තරගය නොවැම්බර් 14 දා ඩුබායි හිදි පැවැත්වේ.



More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි