සම්බා වී කිලෝවක් රුපියල් 60 කට සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 70 බැගින් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයට යෝජනා කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
එම යෝජනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව කී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොවීන්ගේ ඉල්ලීමට අවදානය යොමු කරමින් පසුගිය සතියේ නාඩු වී කිලෝවක සහතික මිල රුපියල් 55 දක්වා ඉහළ දැමූ බව ද සඳහන් කළේය.
සම්බා වී කිලෝවකට රුපියල් 52 ක සහ කීරි සම්බා වී කිලෝවකට රුපියල් 55 ක සහතික මිලක් මේ වන විට රජය පනවා ඇති අතර ගෙවීන් පවසන්නේ එම මිල රුපියල් 65 ත් 70 ත් අතර මිලක් දක්වා වැඩි කරන තෙක් වී අළෙවි නොකරන බවයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට