බටහිර පොප් සංගීතයේ වර්තමාන කිරුළ දරන ගායක ජස්ටින් බීබර් තමන් දුර්ලභ අංශභාග රෝගයකට ගොදුරු වී සිටින බව හෙළි කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ‘රැම්සේ හන්ට් සින්ඩ්‍රෝමය’ Ramsay Hunt syndrome නමින් හඳුන්වන මෙම රෝගය නිසා ඔහුගේ මුහුණෙන් අඩක් අංශබාග තත්ත්වයට පත්වී ඇත.එම නිසා මුහුණේ කොටසක කිසිදු ස්පර්ශයක් නොදැනෙන අතර සිනාසීමට පවා නොහැකිය.
සමාජ මාධ්‍යවල වීඩියෝවක් බෙදා ගත් ජස්ටින් බීබර් පවසා සිටියේ’ තමාට ‘රැම්සේ හන්ට් සින්ඩ්‍රෝමය’ ඇති බවත් එම රෝගය සුව වනතුරු සංගීත වැඩසටහන් සියල්ල අවලංගු කරන බවත් ය.
රෝගය සුව කළ හැකිද යන්න ගැන හෝ එය සුවවිය හැකි දිනයක් ගැන වෛද්‍යවරුන් අදහස් දක්වා නැත.
ටොරොන්ටෝ සහ වොෂින්ටන් ඩීසී හි සංදර්ශන වල සියලු ටිකට්පත් විකිණී අවසන් වූ පසුබිමක සිය රසිකයන්ට ඇතිවිය හැකි අපහසුතා නිසා අවලංගු කළේ සාධාරණ හේතුවකට බවට තමාව විශ්වාස කරන්න යනුවෙන් දැන්වීමට ඔහු මෙම වීඩියෝව බෙදාගත් බව පවසා සිටියේය.
28 හැවිරිදි ජස්ටින් බීබර් ඉතා අඩු වයසකදී එනම් වයස අවුරුදු 13 දී ගායන ලොවේ කීර්තිය අත්කර ගත් අතර ඔහු ග්‍රැමී සම්මාන දෙකක් දිනා ගත් අයෙකි.
මාර්තු මාසයේදී ජස්ටින්ගේ බිරිඳ හේලි බීබර් මොළයේ රුධිර කැටි ගැසීමක් හේතුවෙන් රෝහල් ගත කර තිබුණි.https://www.instagram.com/tv/CeorE9OjqX9/embed/captioned/?cr=1&v=14&wp=540&rd=https%3A%2F%2Fwww.aruna.lk&rp=%2F%25e0%25b6%25a2%25e0%25b6%25b1%25e0%25b6%25b4%25e0%25b7%258a%25e2%2580%258d%25e0%25b6%25bb%25e0%25b7%2592%25e0%25b6%25ba-%25e0%25b6%259c%25e0%25b7%258f%25e0%25b6%25ba%25e0%25b6%259a%25e0%25b6%25ba%25e0%25b7%2599%25e0%25b6%259a%25e0%25b7%2594%25e0%25b6%25a7-%25e0%25b6%25af%25e0%25b7%2594%25e0%25b6%25bb%25e0%25b7%258a%25e0%25b6%25b#%7B%22ci%22%3A0%2C%22os%22%3A89795.80000001192%2C%22ls%22%3A56406.90000000596%2C%22le%22%3A88405.80000001192%7D
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි