ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම ආර්යාවන් සහ අමාත්‍ය චන්ද්‍රසේන මහතා සහිත පින්තූරයක් සමාජ ජාලාවල පළ වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ ධනුෂ්ක රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ කැඳවා තිබුණි.
ඒ අනුව ඒ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඇති අතර එහිදී පරිඝනක අංශයෙන් ඔහුගෙන් තොරතුරු ලබා ගැනීමක් සිදුකර ඇත.
ඉන් පසුව සමාජ මාධ්‍ය අපරාධ නිරීක්ෂණ අංශයට ධනුෂ්ක මහතාව යොමු කර තිබූ අතර එහිදී එම නිලධාරීන් කල ප්‍රශ්න කිරීම් වලට වලට පිළිතුරු ලබා දී තිබුණි.
විවිධ ස්ථාන වලදී එම ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවට සටහන් වී තිබුනත් එය සංස්කරණය නොකරන සත්‍ය ඡායාරූපයක් බව එහිදී තහවුරු කරගත් බවත් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ස්ථානයේ ඡායාරූප ගැනීමෙන් වැළකීමට උපදෙස් ලබා දී තිබියදී එවැනි ඡායාරූපයක් පිටතට පැමිණීම ජනාධිපතිතුමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් මත පදනම් ව මෙම ප්‍රශ්න කිරීම් කරන බව වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසීය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්