සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිදුකළ ප්‍රකාශය පිළිබඳ නිවැරදි කිරීමක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබෙනවා.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයන් ලියාපදිංචි කිරීම රජයේ අරමුණ නොවන බවයි.
මෙමගින් රජය අදහස් කරන්නේ මේ වන විට ලොව පුරා රාජ්‍යයන්හි අවධානය යොමුව ඇති බහුජාතික සමාගම්වල ඩිජිටල් දත්ත පාලනය බවයි.
එමෙන්ම මහා පරිමාණ සමාගම්වල ඩිජිටල් මෙහෙයුම් හේතුවෙන් මධ්‍යම පරිමාණයේ සමාගම්වලට බලපෑම් එල්ලවන බව එම නිවේදනයේ සඳහන්.
එමගින් ශ්‍රී ලංකාවෙන් විශාල මුදලක් විදෙස් රටවලට ඇදීයාම හේතුවෙන් විදේශීය ඩිජිටල් මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නන් ලියාපදිංචිය පමණක් රජයේ අරමුණ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එසේ නොමැතිව සමාජ මාධ්‍ය පරිශීලකයන් හෝ ඩිජිටල් ක්‍රියාකරුවන් ලියාපදිංචි කිරීමේ අරමුණක් රජයට නොමැති බව ද එහි වැඩිදුරටත් සඳහන්.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්