සමාජ මාධ්‍ය ලියාපදිංචි කිරීමකට මුවා වී ආණ්ඩුව සමාජ මාධ්‍ය මර්දනයකට සැරසෙන බවත්, මාධ්‍ය ඇමතිවරයාගේ ප්‍රකාශ තුළින් ඒ බව ගම්‍ය වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මාධ්‍ය නිදහස වෙනුවෙන් කොන්දේසි විරහිතව තමන් සහ සමගි ජනබලවේගය පෙනී සිටින බව පැවසූ ඒ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් භාෂණයේ, ලේඛනයේ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අහිමි කිරීමට ආණ්ඩුව සැරසෙන්නේනම් ඊට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදීව සටන් කරන බවද විපක්ෂ නායකයා සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අනෙකාගේ අදහස් තමන් පිළිගත්තද,නොගත්තද ඒ අදහස් ඉදිරිපත් කිරීමට අනෙකාට ඇති අයිතියට ගරු කළ යුතු බව කී ඒ මහතා තමාව තරම් සමාජ මාධ්‍යයේ විවේචනයට, අපහාස උපහාසයට ලක්වූ වෙනත් කිසිවෙක් නැති තරම් යැයිද කීය. එසේ වුවද තමන් කිසිවිටෙක මාධ්‍ය නිදහසට එරෙහි නොවන බවත් කවුරුන් හෝ මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමට කටයුතු කරන්නේනම් ඊට එරෙහිව සටන් කරන බවද පැවසීය.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව