ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා.
සෑම පුද්ගලයෙකුටම හා සෑම ප්රදේශයකටම සමාන ප්රතිලාභ ලබාදීමයි අරමුණ. එම ඉලක්ක කෙටි කාලයකදී සපුරා ගැනීම සදහා නව අදහස් ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිතුමා ඉල්ලීමක් කළා.
ඒ මහනුවර වෛද්‍ය සංගමයේ 43 වන වාර්ෂික අධ්‍යයන සැසියට එක්වෙමින්. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නිරෝගී ජාතියක් සහතික කිරිම රජයේ ප්‍රධාන පරමාර්ථයක්. සෞඛ්‍ය අංශයේ සියලු ප්‍රජාව රජය සමග එක්ව කටයුතු කිරිමයි එහිදී වැදගත් වන්නේ.
ගම සමග පිලිසඳර වැඩසටහනේදී ග්‍රාමීය සහ වතු ප්‍රජාව මුහුණ දෙන ගැටලු හදුනාගැනීමට හැකි වුණා. සෞඛ්‍ය පද්ධතියේ දුර්වලතා පිළිබදවද එහිදී සොයා බැලීමට හැකි වූ බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසන්නේ.
එම තත්වය වෙනස් කර සමස්ත ජනතාවට යහපත් සෞඛ්‍යයක් සහතික කිරිමට වෛද්‍ය ප්‍රජාවේ කඩිනම් අවධානය යොමු විය යුතු බවත් ජනාධිපතිතුමා සදහන් කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්