අමාත්‍ය විමල් වීරවංශ මහතා මාධ්‍යයට කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කළ යුතු බවත්, එසේ නොවීම සම්බන්ධයෙන් කනගාටු වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර සිටියේය.
අද (15) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කළේය.
සන්ධානයක් ලෙස සන්ධාන පක්ෂ හැටියට අපි ඉතාම අවංක ගමනක් ඇවිත් තියෙන්නේ. අපේ පක්ෂයේ යටි අරමුණක් කිසිවක් කවදාවත් තියෙලා නෑ.
පසුගිය දිනවල ඇතිවු සම්බන්ධ වලදි අපි ඇත්ත වශයෙන්ම අදාළ පාර්ශවයන් ගැන කනගාටුව ප්‍රකාශ කරයි කියලා. එසේ සිදු නොවීම අපි දුක් වෙනවා ඒකට.
මේ රටට දියුණු කරලා නව බලාපොරොත්තුවක් තබපු මේ 69 ලක්ෂයගේ සහ ඉතිරි ඡන්දායකයින්ට බලාපොරොත්තු ඉෂ්ඨ කිරීමට ඇප කැපවෙනවා.
අපේ පුද්ගලික බලලෝභිකමවලින් යන න්‍යාය පත්‍රයක් නෙවේ. මේ රට වෙනුවෙන් හා රටේ ජනතාවට ඉටුකර දෙන න්‍යාය පත්‍රයක් ලෙස.
ජනතාවට පොරොන්දු වූ බලාපොරොත්තු සියලු දේ ඉෂ්ඨ කරන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියටත් ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ පක්ෂයත් ඇප කැප සිටිනවා ජනතාව ඉදිරියේ සපත කරනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්