අප්‍රමාණ විරෝධතා හමුවේ වසර 2023 අගෝස්තු මස 24වනදා පස්වරු 1ට ජපාන රජය ෆුකුෂිමා විදුලි
බලාගාරයේ න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීම ආරම්භ කළේය. මේ ඇරඹුනේ සමුද්‍රීය පරිසරයේ ව්‍යසනයේ ආරම්භයකි.
මානව වර්ගයා න්‍යෂ්ටික බලය භාවිත කිරීම ආරම්භ කළ දා
සිට මේ දක්වා න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරුණු පළමු අවස්ථාව මෙයයි. ඉන්
ජගත් ප්‍රජාවම සුවිශාල අවදානමකට ලක් වනු ඇත. ටෝකියෝ විදුලි බල සමාගමේ සැලැස්මට
අනුව දින 17ක් ඇතුළත න්‍යෂ්ටික දූෂිත ජලය ටොන් 7800ක් මුහුදට මුදා හැරේ. වසර 2023දී එසේ මුදා හැරෙන න්‍යෂ්ටික දූෂිත ජලය ටොන් තිස්දහස්
දෙසියක් පමණ වේ. විශේෂඥයින්ගේ තක්සේරුවට අනුව දැනට ජපානයේ න්‍යෂ්ටික දූෂිත ජලයේ ප්‍රමාණය
ටොන් මිලියන 1.3කි. එය මුහුදට මුදා හැරීමට වසර 30ක් හෝ 50ක් අවශ්‍ය වනු ඇත. පර්යේෂණයන්ට
අනුව න්‍යෂ්ටික දූෂිත ජලය 2026 වසරේ නොවැම්බර් මාසයේ උතුරු
ඇමරිකාවට ළඟා වනු ඇති අතර එම සමුද්‍ර දූෂණය සමස්ත උතුරු පැසිෆික් සාගරයම ආවරණය
කරනු ඇත. එය 2030 වසරේ පෙබරවාරි මාසයේ ඉන්දීය
සාගරයට ව්‍යාප්ත වන අතර වසර 10කින් පසුව මුළු පැසිෆික් සාගරයටම බලපානු ඇත.
ෆුකුෂිමා න්‍යෂ්ටික දූෂිත ජලය තුළ tritium, 14C, 60Co ඇතුළු 60කට වැඩි විකිරණ ද්‍රව්‍ය වර්ග
අඩංගු වන බව පර්යේෂණ ප්‍රතිඵලයෙන් පිළිබිඹු වී තිබේ. ඒවායේ අර්ධ ආයු අවධිය වසර
කිහිපයක්, දශක කිහිපයක්, දහස් ගණනක් ඇතැම් විට වසර ලක්ෂ ගණනාවක් පවා පවතිනු ඇත. තවත් කරුණක් නම්, එම න්‍යෂ්ටික දූෂිත ජලය
මුහුදට මුදා හැරීමේ කාලය තුළ, ජපානයේ පාලන විධිවිධාන හා අධීක්ෂණ යාන්ත්‍රණය කවරේ ද
යන්නයි.මේ පිළිබඳව ජපානය කිසි විටෙකත් පිළිතුරු ලබා දී නොමැත.
වසර 12කට පෙර ෆුකුෂිමා න්‍යෂ්ටික අනතුරෙන් මුහුදට විකිරණ
ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් නිකුත් විය. අද ජපානය, න්‍යෂ්ටික දූෂිත ජලය සාගර පරිසරය හා මානව සෞඛ්‍යයට
ඇති කරන බලපෑම තක්සේරු නොකර, ඉන් බලපෑමට ලක් වන පාර්ශ්ව සමග සාකච්ඡා නොපවත්වා, එම න්‍යෂ්ටික දූෂිත ජලය
මුහුදට මුදා හැරීම ආරම්භ කර ඇත. එය ලෝක ප්‍රජාවටම විශාල හානියකි. මෙසේ අත්තනොමතිකව
කටයුතු කරන ජපානය පිළිබඳව ලෝකයේම අවධානය යොමු විය යුතුය.
More Stories
ඇමරිකාව සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
“එක් රටක් ක්‍රම දෙකක්”ප්‍රතිපත්තිය මැකව් හි ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවට CGTN මත විමසුමකින් අනාවරණය කෙරේ
සංවර්ධනයෙන් පිබිදෙන චීන මැකව් විශේෂ පරිපාලන කලාපය