රාජකාරී කටයුත්තකට සහභාගි වී සිය යතුරු පැදියෙන් ආපසු යමින් සිටි කොලොන්න කැම්පනේ වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරීවරයාට පොල්ලකින් පහරිදීම සම්බන්ධයෙන් තිස්හතර හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගත් බව පනාමුර පොලීසිය කියයි
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැම්පනේ, පුස්වැල්පිටිය ප්රදේශයේ කාන්තාවකි. රජය විසින් ලබාදෙන රුපියල් 5000 දීමනාව නොලැබීම උරණවී මෙම පහරදීම සිදුකර ඇතැය පොලීසිය සැකකරයි.
කාන්තාවගේ පොලු පහරකට ලක්වු සමෘද්ධි සංවර්ධන නිලධාරි සුභාෂ් ප්රසන්න කඹුරුගමුව මහතා කොළොන්න මූලික රෝහලට ඇතුළත් කර ඇත.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ