සයිනොෆාම් නිල වශයෙන් ප්‍රතික්ෂේප කළ පළමු රට
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත හැර අනෙකුත් කොවිඩ් මර්දන එන්නත් පමණක් ලබාගත් ශ්‍රී ලාංකිකයන්ට සිය රටට ඇතුළු විය හැකි බව ප්‍රංශය ප්‍රකාශ කර ඇත.
මෙලෙස සයිනොෆාම් එන්නත නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති පළමු රට වන්නේ ප්රංශයයි.
කොළඹ ප්‍රංශ තානාපති කාර්යාල වෙබ් අඩවිය ඔස්සේ නිවේදනය කර ඇති ආකාරයට ෆයිසර්, මොඩර්නා, ඇස්ට්‍රාසෙනෙකා සහ කොවිෂීල්ඩ් යන එන්නත්වල මාත්‍රා දෙකම ලබාගෙන සති දෙකක් ගතකර ඇති ශ්‍රී ලාංකිකයන්ට පමණක් 2021 ජූලි 31 වැනිදා සිට ප්‍රංශයට ඇතුළු විය හැකිය.

මීට අමතරව ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලබා ගත් අයටද එහි දෙවන මාත්‍රාවෙන් සති හතරකට පසු ප්‍රංශයට ඇතුළු විය හැකිය.
කෙසේ වෙතත් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත දැනට ලංකාවේ හදිසි භාවිතය සඳහා අනුමත කර නොමැත.
ප්‍රංශය මෑත කාලීනව දැඩි චීන විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. දකුණු ආසියානු කලාපයේ චීන බල ව්‍යාප්තියට එරෙහිව ඉන්දියාව සමග එක්ව ප්‍රංශය පසුගියදා ශ්‍රී ලංකාවට උතුරු මුහුදේ ඒකාබද්ධ නාවික අභ්‍යාසයකද නිරතවූ අතර ඊට ශ්‍රී ලංකාවද එක්කර ගැනිණි.
More Stories
චීන රජය මියන්මාරයට ලබා දෙන දෙවන සහනාධාර තොගය හෙට පිටත් කෙරේ
ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාව චීනය ප්‍රතික්ෂේප කරයි
තායිවාන දූපත ආසන්නයේ “Strait Thunder-2025A” නම් චීන හමුදා යුද අභ්‍යාසයක්