ඉකුත් පෙබරවාරි එම නගරයේ පැවති 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ තොරතුරු පද්ධතියට සහ Heilongjiang පළාතේ තීරණාත්මක තොරතුරු යටිතල පහසුකම්වලට සයිබර් ප්‍රහාර එල්ල කළ ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ අදාළ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සඳහා ත්‍යාග දැන්වීමක් චීනයේ Harbin නාගරික මහජන ආරක්ෂක කාර්යාංශය අද (15) නිකුත් කළේය. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ(15) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේ චීනය ඇමරිකානු රජයේ එවැනි ද්වේෂසහගත සයිබර් ක්‍රියාකාරකම් දැඩි ව හෙළා දකින බවයි.
සයිබර් ආරක්ෂණ ගැටළු සම්බන්ධයෙන් වගකිව යුතු ආකල්පයක් දරන ලෙසත්, චීනයට එරෙහිව සයිබර් ප්‍රහාර එල්ල කිරීම නවත්වන ලෙසත්, හේතුවක් නොමැතිව චීනයට මඩ ගැසීම සහ පහර දීම නතර කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. චීනය තම සයිබර් ආරක්ෂාව සහතික කර ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා එහිදී වැඩිදුරටත් පැවසීය.
More Stories
පළමු කාර්තුවේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 5.4ක වර්ධනයක්
චීනය හා මැලේසියාව නවීකරණ මාවතේ එක්ව අත්වැල් බැඳගෙන ඉදිරියට යා යුතුයි–චීන ජනපති
චීනය හා වියට්නාමය එක්ව හවුල් අනාගතයක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීමට කැපවීමෙන් කටයුතු කළ යුතු බව චීන ජනපති කියයි