අද උදෑසන සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති වෙබ් අඩවි අතර රාජ්‍ය ආයතන කිහිපයක වෙබ් අඩවි ද වන බව එල් කේ ඩොමේන ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලේඛකාධිකාරී මහාචාර්ය ගිහාන් ඩයස් මහතා පවසනවා.
කෙසේ වෙතත් සයිබර් ප්‍රහාරයට ලක්ව ඇති වෙබ් අඩවි මොනවාදැයි මෙම අවස්ථාවේදී සඳහන් කළ නොහැකි බවයි ඔහු කියා සිටියේ.
මේ වන විට එය යථා තත්ත්වයට පත් කර තිබෙන අතර මෙම සයිබර් ප්‍රහාරය එල්ල කළ පාර්ෂවය පිළිබද මේවනවිට සොයාබලමින් සිටින බවත් කඩිනමින් ඊට අදාල පියවර ගන්නා බවත් මහාචාර්යය ගිහාන් ඩයස් මහතා කියා සිටියා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි