ඇෆ්ඝනිස්ථානයේ බලය තලෙබාන් සංවිධානය අල්ලාගැනීම හේතුවෙන් පළායන ඇෆ්ගනිස්ථාන වැසියන් දහස් ගණනක පිරිසක් සඳහා රැකවරණය ලබාදීමට පියවර ගන්නා බව බ්‍රිතාන්‍ය පවසයි.
ඊට අදාළ වැඩපිළිවෙල යටතේ ඉදිරි වසර කිහිපය තුළ ඇෆ්ගනිස්ථාන සරණාගතයින් 20,000ක පමණ පිරිසක් සඳහා බ්‍රිතාන්‍යයේ පදිංචිය ලබාදීමට පියවර ගන්නා බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.
ස්වදේශ ලේකම් ප්‍රීති පටෙල් පවසා සිටින්නේ අසරණව සිටින ඇෆ්ඝන් වැසියන්ට උදව් කිරීමට අනෙක් රටවල් ද ඉදිරිපත් විය යුතු බවය. “මෙය අපට තනියෙන් කළ හැක්කක් නොවේ,” ඇය කීවාය.
පළමු වසරේ දි සරණාගතයින් පන්දහසක පිරිසකට අවස්ථාව හිමිවන අතර එහිදි කාන්තාවන්ට, ළමුන්ට සහ විශේෂ අවශ්‍යතා ඇති අය සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බව පටෙල් පැවසුවාය.
එක්සත් රාජධානිය වෙනුවෙන් ඇෆ්ඝනිස්ථානයේදී සේවය කළ ඇෆ්ඝන් පරිවර්තකයින් සහ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා තම රට තුළ පදිංචිවීමේ අවස්ථාවදීමට මේ වනවිටත් එක්සත් රාජධානිය කටයුතු කර තිබේ.
කැනඩාව ද ඇෆ්ඝන් සරණාගතයින් පිළිගැනීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසා ඇත්තේ තම රජය ඒ ගැන මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවය.
ඔස්ට්‍රේලියාව එක්සත් ජාතීන්ගේ සංවිධානය හා සම්බන්ධ වගකීම් මත කටයුතු කරන බව ඔහු පැවසීය.
මේ අතර කටාර් හි ජීවත්වෙමින් සිටි තලෙබාන් දේශපාලන නායකයින් මේ වනවිට ඇෆ්ඝනිස්ථානයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි