ඔලිම්පික් සම්ප්‍රදායට අනුව සමාරම්භක උළලෙ හි ක්‍රීඩක උත්තමාචාරය ආරම්භ වන්නේ ඔලිම්පික් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සලකන ග්‍රීසියේ ඔලිම්පික් ක්‍රීඩා කණ්ඩායම ක්‍රීඩාංගනයට සම්ප්‍රාප්තවීමත් සමගය. ඔවුන්ට පමණක් පසුපසින් 2016 රියෝ ඔලිම්පික් උළලේ සිට අන්තර්ජාතික ඔලිම්පික් කමිටු ධජය යටතේ ගමන් කරන ක්‍රීඩක කණ්ඩායම කවුරුන්ද යන්න බොහෝ දෙනා අතර කුතුහලයක් ඇතිකරවන දසුනක් බවට පත්වනු නොඅනුමානය.
ඔවුන් අන්තර්ජාතික වශයෙන් ක්‍රීඩා ඉසව්වල විශිෂ්ට දක්ෂතා දක්වන එහෙත් තමන්ගේ උපන් බිම තුල සිදුවූ සමාජ,ආර්ථික, දේශපාලන , ප්‍රචණ්ඩත්වය හෝ ලිංගිකත්වය මත පදනම් වූ විවිධ සිද්ධින් හේතුවෙන් වෙනත් රටවලට සංක්‍රමණය වූ ක්‍රීඩක,ක්‍රීඩිකාවන් හෙවත් සරණාගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් ය.
2016 ට පෙර මෙවැනි සරණාගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන් ඒ වන විට ජිවත්වන රටවල් නියෝජනය කරමින් ඔලිම්පික් උලෙළ සදහා සහභාගි වන අවස්ථා ඉතිහාසය තුළ සටහන් වූවත් සරණාගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිලිබද මානුෂිකත්වය ඇතිකිරිමත් ඔවුන්ව ශක්තිමත් කිරිමේ හා අනාගතය පිලිබද බලාපොරොත්තු ඇතිකිරීමහි අදහසින් යුතුව 2015 එක්සත් ජාතින්ගේ මහා සමුළුව දී එවකට අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සභාපති වූ තෝමස් බැච් විසින් අන්තර්ජාතික සරණාගත ඔලිම්පික් ක්‍රීඩා කණ්ඩායමක් 2016 රියෝ ඔලිම්පික් උලෙළ ට ඉදිරිපත් කරවන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කළේ ය.
ඒ අනුව ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය තුල සමානාත්මතාවයත් ක්‍රීඩාවට සමාජ පසුබිම,දේශපාලනය, ලිංගිකත්වය වැනි සාධක බලපෑමක් නොවිය යුතුව යන පණිවිඩය ලොවට ගෙන යාමේ අරමුණෙන් යුතුව 2016 රියෝ ඔලිම්පික් උලෙළ ට දකුනු සුඩානය,ඉතියෝපියාව , කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, සිරියාව යන රටවල් තම ජන්ම භූමිය වූ එහෙත් කෙන්යාව, ලකෂ්ම්බර්ග්, බ්‍රසිලය, බෙල්ජියම,ජර්මනිය යන රටවලට සරණාගතයින් ලෙස සංක්‍රමණය වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි විය.
එයින් නොනැවතුනු ඔවුන් මෙවර ටෝකියෝ ඔලිම්පික් උලෙළ සදහා ද සිරියාව, කොංගෝ, දකුනු සුඩානය ,සුඩානය , එරිත්‍රියාව, වෙනිසියුලාව , ඉරානය, ඇෆ්ගනිස්තානය, වෙනිසියුලාව , ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ, කැමරෑන් හා ඉරාකය යන රටවල් 12 උපන් බිම වූ එහෙත් වර්තමානයේ සරණාගතයන් ලෙස වෙන රටවලට සංක්‍රමණය වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 29 ක් ක්‍රිඩා 12 ඔස්සේ ඔලිම්පික් උලෙළට සහභාගි කරවා තිබේ.
මෙම ක්‍රීඩා කණ්ඩායම මගින් සමාජ නිදහස, දේශපාලන ස්ථාවරත්වයේ වැදගත්කම, ලිංගිකත්වය පදනම් ව සිදුවන හිංසන හා බලපෑම් වැලැක්වීම පිලිබද මෙන්ම සරණාගතයන් සම්බන්ධ ගැටලු හා ඔවුන්ට ඔවුන්ට මුහුණ පෑමට සිදුවන නොසලකා හැරීම් තමා සතු දක්ෂතා ඔපමට්‍ටම් කරගැනීමට බාධාවක් නොවේය යන පණිවිඩය ජාත්‍යන්තරය ට ගෙන යනු ඇති.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්