මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරයා වන සරත් වීරසේකර මහතා හීනමානයෙන් පෙලෙන පුද්ගලයෙකු බවට විපක්ෂයේ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් හඳුන්වා දෙන ලදී.
වීරසේකර මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයේ වැඩ භාරගත් අවස්ථාවේ ඔහුට සුබ පැතීමට පොලිස් නිල ඇඳුමෙන් පැමිණ ඔහුගේ පුත්‍රයා ඔහු බදා ගැනීම සම්බන්ධයෙන් තමා පළ කළ අදහස් මුල්කොටගෙන මේ දිනවල මුහුණුපොතෙහි පිරිසක් තමාට මඩ ගසමින් සිටින බවද ෆොන්සේකා මහතා පෙන්වා දෙයි.
මෙසේ මඩගහන පුද්ගලයින් තම පක්ෂයේ මන්ත්‍රීවරුන් හඳුන්වන්නේ බයියන් ලෙස සඳහන් කළ ෆොන්සේකා මහතා තමා ෆීල්ඩ් මාෂල් වූ අවස්ථාවේ තමාගේ බිරිඳ හා දියණිය තමාව මාව බදා ගනිමින් සුබ පතන අයුරු දැක්වෙන ඡායාරූප මුහුණු පොතේ පළ කරමින් සරත් ෆොන්සේකාට හොඳ නම් සරත් වීරසේකර නරක ඇයිදැයි ප්‍රශ්න කරන බව ද පෙන්වා දෙයි.
තමාගේ බිරිඳ හෝ දියණිය රාජ්‍ය සේවයේ හෝ හමුදාවේ රාජකාරි කරන්නන් නොවන බවත් එනිසාම ඔවුන් නිල ඇඳුම් නොඅදින පුද්ගලයන් බව ද පෙන්වා දෙන ෆොන්සේකා මහතා තමා එදා ප්‍රකාශ කළ දේ සරත් වීරසේකර මහතාට හරියට වැටහී නැති බවද අවධාරණය කරයි.
තමන් සඳහන් කළේ නිල ඇඳුමෙන් බදා ගැනීම නොකළ යුතු බව සඳහන් කරන ෆොන්සේකා මහතා එය තේරුම් ගැනීමට නොහැක්කේ බයියකුට බව ද පෙන්වා දෙයි.
රට හැදීම ගැන කතා කරන ඇමැතිවරු ප්‍රථමයෙන් කළ යුත්තේ විනයක් හැදීම බවද විනයක් නැතිව රාජකාරී කිරීමට නොහැකි බව පෙන්වා දෙන ෆොන්සේකා මහතා එය උඩ සිට යටට එනම් ඇමතිවරයාගේ සිට පහළට ක්‍රියාත්මක විය යුතු බව ද සඳහන් කරයි.
යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවෙන් විසිර යද්දී එම උත්සවයට සහභාගි වූ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව සිප නොගත් බවත් ඒ වෙනුවට ඔහු ජනාධිපතිවරයාට ආචාර කළ බවත් පෙන්වා දෙන ෆොන්සේකා මහතා යෝෂිත රාජපක්ෂ සිය මව බදා ගත් බවද සඳහන් කරයි. රාජපක්ෂ මහත්මිය රජයේ සේවිකාවක් නොවන බැවින් එහි කිසිදු වැරද්දක් නොමැති බවද පෙන්වා දෙන ෆොන්සේකා මහතා මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයකු සිටියදී තමන් ඇමතිවරයෙක් ලෙස කටයුතු කළ බවත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස සිටියදී තමන් යුද හමුදාපති ලෙස කටයුතු කළ බවත් ඔහු හා තමන් අතර මේ සම්බන්ධයෙන් කිසිදු හීනමානයක් නොතිබූ බවද අවධාරණය කරයි.
පරිසර හා වනජීවී අමාත්‍යාංශය පිළිබඳ අයවැය විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ ෆොන්සේකා මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කලේ තමා පාසලේ කෙඩෙට් කණ්ඩායමේ සාජන්වරයා ලෙස සිටිද්දී තමා යටතේ කෝප්රල්වරයෙකු ලෙස කටයුතු කළ සරත් වීරසේකර මහතා අද දියුණු වී ඇමතිවරයෙක් වීම පිළිබඳව තමන් සතුටු වන බවට කළ ප්‍රකාශයට විරසේකර මහතා ප්‍රතිචාර දක්වමින් එදා සාජන් අද නිකම්ම මන්ත්‍රී එදා කෝප්රල් අද ඇමැති යැයි උපහාසයෙන් ප්‍රකාශ කළේ වීරසේකර මහතාගේ හීනමානය නිසා බවද පෙන්වා දෙන ලදී.
හිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“2009 ජනවාරි 31 සහ පෙබරවාරි 01 රජය තීරණය කළා සටන් විරාමයක් දෙන්න. මම ඒකට විරුද්ධ වුනා. ත්රස්තවාදීන් ඒ වේලාවෙ අපිට පහර දුන්නා. මගේ සෙබළු කිලෝමීටර් 4ක් පස්සට ගියා. මට සෙබළු 300ක් විතර නැති වුනා. ඒ සටන් විරාමය දීපු නිසා තව කිලෝමීටර් තුනක් අපි පස්සට ගියා නම් මාන්කුලම කඩන් වැටුනා වගේ අවුරුදු දෙකයි මාස 6ක් කරපු යුද්ධය සම්පුර්ණයෙන් කඩා වැටෙනවා. අපි ඉතා අමාරුවෙන් ඒක මර්ධනය කරලා තමයි ඒ තත්වයෙන් බේරුනේ. සරත් වීරසේකර මහත්තයා ඒවා දන්නේ නැහැ. එතුමා යමක්කමක් ගැඹුරෙන් දන්නේ නැතුව කතා කරනවා.”
“සිවිල් ආරක්ෂක ප්‍රධානියා හැටියට ඔහුව පත් කරන්න ඉස්සෙල්ලා ආරක්ෂක ලේකම් එවකට වර්තමාන ජනාධිපති මගෙත් එක්ක කතා කළා. මමයි කිව්වේ යෝජනා කලේ එයාට දෙන්න එයාට රැකියාවක් නැති නිසා. එතකොට කරන්නාගොඩ නේවි කමාන්ඩර් සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කළා මෙයාට වාහනයක් දෙන්න, ඩ්‍රයිවර් කෙනෙක් දෙන්න, ආරක්ෂක භටයින් දෙන්න. මගේ ඔෆිස් එකට ඇවිල්ලා ඇඩුවා. ඒවා දෙන්නේ නැහැ කියලා. මමයි පුද්ගලිකව එයාට දුන්නේ.වාහනේ දුන්නා, ඩ්‍රයිවර් දුන්නා, ආරක්ෂක භටයෝ දුන්නා. සිවිල් ආරක්ෂක හමුදාවට අවශ්‍ය සියලුම නිලධාරීන් දුන්නේ මම.”
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්