2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු අද පස්වරුවේ නිකුත් කරන බව වාර්තා වෙයි.
2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාලවලට සඳහා සිසුන් 41,500 ක් බඳවා ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
වෛද්‍ය, ඉංජිනේරු ආදී උපාධි පාඨමාලා කිහිපයක් සඳහා මෙවර බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ද ඉහළ නංවා තිබේ. මෙවර වෛද්‍ය විද්‍යා පාඨමාලාව සඳහා ඉකුත් වසරට වඩා සිසුන් 270 දෙනෙක් අමතරව ඇතුළත් කෙරේ. ඒ අනුව සිසුන් 1890 දෙනෙක් සඳහා වෛද්‍ය විද්‍යා පාඨමාලා හැදෑරීමේ අවස්ථාව හිමි වෙයි.
එමෙන්ම පෙර වසරට සාපේක්ෂව ඉංජිනේරු විද්‍යා පාඨමාලා සඳහා අමතර සිසුන් හාරසිය දෙනෙක් ඇතුළත් කෙරෙන අතර ඒ අනුව මෙවර ඇතුළත් කෙරෙන සංඛ්‍යාව 2483 ක් වෙයි.
විෂය නිර්දේශ දෙකක් යටතේ විභාගය පැවැත්වීම නිසා සිසුන් ඇතුළත් කිරීමේ දී අනුගමනය කරන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ප්‍රතිපාදන කොමිෂන් සභාව ගැටලුවකට මුහුණ දුන් අතර විෂය නිර්දේශ දෙකේම සිසුන් දෙපිරිසක් අධිකරණය ඉදිරියට ද ගොස් තිබිණි.
මෙම තත්ත්වය මත ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉසඩ් ලකුණු නිකුත් කිරීමට තීරණය කළේ මෙම ශිෂ්‍ය දෙපිරිස නියෝජනය කරන නීතිඥවරුන්, දෙමව්පියන් මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව සමග ද සාකච්ඡා කිරීමෙන් පසුව ය.
කඩඉම් ලකුණු www.ugc.ac.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්