අධික රුධිරය වහනයවීම හේතුවෙන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය දස හැවිරිදි දැරිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ අද පැවැත්වුණා. ඒ පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රහිරු එන් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන්.
දැරිය පදිංචිව සිටි පුත්තලම කුරුණෑගල මාර්ගයේ තුනේ කණුව ප්‍රදේශයේ පොල්වත්තක පිහිටි නිවස මහේස්ත්රාත්වරයාගේ පරීක්ෂාවට ලක්වුණා. තම මව සහ සුළු පියා සමග දැරිය නිවසේ පදිංචිව සිටි අතර ඇයට විෂ සතෙකු දෂ්ඨකර ඇති බව පවසමින් දැරියගේ මව ඇය පුත්තලම රෝහලට ඇතුළත් කර තිබුණා. ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුගිය 16 වනදා ජීවිතක්ෂයට පත්වීමත් සමග පරීක්ෂණ ආරම්භ කළ පුත්තලම පොලීසියේ අපරාධ අංශය දැරියට සර්පයෙක් දෂ්ඨ කළේ ද නොඑසේනම් ඇය සුළු පියා අතින් දූෂණයට ලක්වූයේ ද යන්න පිළිබද අවධානය යොමුකළා.
එහිදී හෙළිවී ඇත්තේ දැරිය සුලු පියා අතින් බරපතල ලිංගික හිංසනයකට ගොදුරුවී ඇති බවයි. ඒ බව ප්‍රකාශ නොකරන ලෙස ඔහු තමාට මරණ තර්ජන එල්ල කළ බව ඇය පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු මීට පෙර ද මෙවැනි අපරාධ සිදුකර පොලීසිය මගහරිමින් සිටි අයෙකු බවයි පැවසෙන්නේ. දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පුත්තලම අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා ලවා සිදුකර සිද්ධිය සම්බන්ධ පූර්ණ සාක්ෂි ලබාගෙන සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්