සර්ව පාක්ෂික රජයක් පිළිබඳ මහා සංඝරත්නය ප්රමුඛ ආගමික නායකයින්, සිවිල් සංවිධාන, තරුණ කණ්ඩායම් ඇතුළු සමස්ත ජනතාව දැඩි විශ්වාසයකින් හා අපේක්ෂාවකින් පසුවන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධව දේශපාලන පක්ෂ සමඟ ඊයේ පැවති සාකච්ඡාවේ දී රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කළා.
එම අවස්ථාවට ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ සාමාජිකයන් ද පළමු වටයේ සාකච්ඡා වටයට එක්ව සිටියා.
අනතුරුව දෙවන වටයේ සාකච්ඡාව පවත්වා තිබුණේ ලංකා කම්කරු කොංග්රසය සමඟයි.
ලංකා කම්කරු කොංග්රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් සහ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී ජීවන් තොණ්ඩමන් යන මහත්වරුන් ඇතුළු නියෝජිතයෝ ඊට සහභාගී වී සිටියා.
තෙවන සාකච්ඡාව ජාතික කොංග්රසය සමග පැවැත්වුණ අතර එහි නායක පාර්ලිමේන්තු මන්ත්රී ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊට සහභාගී වී තිබෙනවා.
සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳ අද දිනයේ ද පාර්ශ්ව කිහිපයක් සමඟ ජනාධිපතිතුමා සාකච්ඡා කිරීමට නියමිත අතර සමගි ජන බලවේගය, ශ්රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රැසක් ඉදිරි සාකච්ඡාවලට එක්වීමට එකඟතාව පළ කර තිබෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්