සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා සඳහා කළ ආරාධනය, සමගි ජන බලවේගය පිළිගැනීමට තීරණය කර තිබෙනවා.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගීම සඳහා එක්වන ලෙස පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සියලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එවන ලද ලිපියට පිළිතුරු වශයෙන් විපක්ෂ නායකවරයා කියා සිටින්නේ, දැනට උද්ගතව ඇති ආර්ථික, දේශපාලන සහ සමාජ අර්බුදය නිමකොට ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතුව තිබෙන බවයි.
ඒ බව විපක්ෂ නායකවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් මගින් දන්වා යවා තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති