නුල කඩාගෙන ගිය සරුංගලයක් අහුලාගෙන ඇතිවූ ආරවුලකින් අකුරැස්ස දීගල ධීවර ගම්මානයේ එකම පවුලේ තිදෙනෙකු කඩුවලින් කපා කොටා තුවාල කර ඇති බව අකුරැස්ස පොලිසිය පවසනවා.
තුවාලකරුවෝ දෙදෙනෙක් අකුරැස්ස රෝහලට ඇතුළත් කර තිබෙනවා. තුවාලකරුවන් අතර පියකු ඇතුළු පුත්තු දෙදෙනෙක් සිටිති. පියාගේ තත්ත්වය බරපතළ බව සදහන්.
මෙම ගම්මානයේ වයස අවුරුදු (14) ක ළමයකු සරුංගලයක් ඇහිඳගෙන විත් ඇති අතර එම සරුංගලය ගම්මානයේම (25) හැවිරිදි තරුණයකු ළමයාගෙන් ඉල්ලා සිටියදී ළමයා තරුණයාට සරුංගලය නොදී නිවසට පැමිණ ඇති බව පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත.
මෙම ළමයා කඩයට ගිය අවස්ථාවේ සරුංගලය නොදීම නිසා තරුණයා ළමයාට පහරදී තිබෙනවා.
ළමයා නිවෙසට පැමිණ මේ බව පැවසීමෙන් පසු එය විමසීමට ළමයාගේ පියා එහි ගිය අවස්ථාවේ නිවසේ අය ඔහුට කඩුවලින් පහරදී තුවාල සිදුකර ඇති අතර පසුව කඩය ළඟදී අනිත් අයට පහරදී ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගැනීමට අකුරැස්ස පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Chanaka Aravinda
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්