තඹුත්තේගම ගුරුගම ප්‍රදේශයේ 09 හැවිරිදි දරුවකු සරුංගල් යවමින් සිටිය දී අනාරක්ෂිතව ඉදිකළ වගා ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම දරුවා සෑම උදෑසනක ම පාහේ සරුංගල් යැවීමෙහි නිරත වන බවත් එදින දරුවා බොහෝ වේලාවක් නිවසට නොපැමිණීම හේතුවෙන් කලබලයට පත් දෙමාපියන් ඔහු සොයා ඇත.
අනතුරුව සරුන්ගලයේ නුල පසුපස ගිය දෙමාපියන්ට අනාරක්ෂිත වගා ලිඳට වැටී සිටි සමීර ප්‍රසාද් රත්නායක නම් එම දරුවා සොයාගත හැකිව තිබේ.
අනතුරුව අදාළ දරුවාගේ ඥාති පුද්ගලයෙක් අඩි 20ක් පමණ ගැඹුරු වගා ළිං පත්ලේ සිර වී දරුවා ඉන් ගොඩ ගෙන ඇත.
කෙසේ වෙතත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ‘ දරුවා තඹුත්තේගම මුලික රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඔහු ජීවිතයට පත්ව සිට ඇති බවය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට