කහ ගොවීන්ගෙන් සහතික මිලට අමු කහ මිල දී ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව කුළුබඩු හා වැවිළි භෝග ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මේ වන විට ගම්පහ, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල වලින් කහ කිලෝ ලක්ෂයක් පමණ මිලදී ගෙන ඇති බව සඳහන්.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ කුළුබඩු අලෙවි මණ්ඩලය ඒකාබද්ධව කිලෝවක් රුපියල් 165 බැගින් මිලදී ගැනීමට කටයුතු කර තිබෙනවා.
එම කහ තොග කුඩු ලෙස සකස් කර කුළු බඩු අලෙවි මණ්ඩලයේ අලෙවිසැල් මගින් අලෙවි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්