රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට නිවාස මිලදී ගැනීමේ සහන ණය ක්‍රමය අද සිට ක්‍රියාත්මක වෙනවා.
2021 අයවැය මගින් 6.25%ක් සහන පොලියක් යටතේ වන විශේෂ ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවා.
මුදල් අමාත්‍යංශ පවසන පරිදි නාගරික සංවර්ධන අධිකාරිය විසින් නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල ඉදිකිරීමට සැලසුම්කර ඇති නිවාස යෝජනා ක්රමයන්හි නිවාස මිලදී ගැනීමට මෙමගින් අවස්ථාව උදාවෙනවා.
එමෙන්ම විවිධ ප්‍රදේශවලින් සංක්‍රමණය වී කොළඹ ඇතුළු ප්‍රදේශවල සේවයේ නියුතු තරුණ පිරිස්වලට මෙම ණය යෝජනා ක්‍රමයේදී ප්‍රමුඛතාව හිමි වෙනවා.
නිකුත් කෙරෙන උපරිම ණය මුදල ලක්ෂ සියයක් වන අතර ගෙවීමේ කාලය වසර 25ක්.
ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරෙනවා.
මේ අතර
උපයන විට ගෙවීමේ බද්ද සහ පොලී ආදායම් මත රඳවා ගැනීමේ බද්ද අද (01) සිට අහෝසි වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මසකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායමක් ලබන පුද්ගලයෙකු උපයන විට බද්ද ගෙවිය යුතුව තිබූ අතර එය මින් ඉදිරියට එම බදු අය නොකිරීමට රජය මීට පෙර තීරණය කළේය.
කෙසේවෙතත් මසකට රුපියල් 250,000 කට වඩා වැඩි ආදායමක් උපයන්නේ නම් එම පුද්ගලයින් බදු ගෙවීමට යටත් වේ.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්