දකුණු චීන මුහුදේ ප්‍රශ්නය පිළිබඳ චීන-පිලිපීන ද්විපාර්ශ්වික සාකච්ඡා යාන්ත්‍රණයේ 8 වැනි සමුළුව මෑතකදී ශංහයි නගරයේ දී පැවැත්විණ. ඒ පිළිබඳ දෙරටේ නායකයන්ගේ එකඟතාවන් යහපත් ලෙස ක්‍රියාවට නැංවිය යුතු බවට දෙපාර්ශ්වය එකඟ වන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(19) පැවසුවාය. මිත්‍රශීලි සංවාද ඔස්සේ මෙම ප්‍රශ්නය සම්බන්ධ මතභේද නිසි ලෙස පාලනය කරන බව දෙපාර්ශ්වය ප්‍රකාශ කළහ.
ප්‍රායෝගික සමුද්‍රීය සහයෝගිතා තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ඒකාබද්ධව සමුද්‍රීය සාමය හා ස්ථාවරත්වය රැක ගත යුතු බව දෙපාර්ශ්වයේ අපේක්ෂාවයි. මෙම ප්‍රශ්නය සම්බන්ධ සංවාද ක්‍රමය තවදුරටත් ප්‍රශස්ත කිරීම පිළිබඳව එකඟතාවට එළඹෙමින් සමුද්‍රීය ආරක්ෂක, සමුද්‍රීය විද්‍යා හා තාක්ෂණ ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා ප්‍රවර්ධනය කිරීමට දෙපාර්ශ්වය එකඟ වන බව Mao Ning මහත්මිය කියාසිටියාය.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය