සහයෝගීතා මගින් පොදු ජයග්‍රහණ ලබා ගැනීම අනාගත ලෝකයේ ප්‍රමුඛ සංවර්ධන දිශානතියක් බව ස්ලෝවැකියා අගමැතිවරයා පවසයි. ස්ලෝවැකියා අගමැති Robert Fico මහතා මේ අදහස් පළ කළේ පසුගිය දා චීන මාධ්‍ය සමූහය සමග පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
පසුගිය ඔක්තෝබර් මස 31වැනිදා සිට නොවැම්බර් මස 5වැනිදා දක්වා, ස්ලෝවැකියා ජනරජයේ අගමැති Robert Fico මහතා චීනයේ නිල සංචාරයක නිරත ව ඇත. මෙම සංචාරයේදී ඔහු චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමු වූ අවස්ථාවේදී චීන-ස්ලෝවැකියා සබඳතාව උපායමාර්ගික හවුල්කාරීත්වයක් වෙත ඉහළ නැංවීමට තීරණය කරනු ලැබිණ.
චීනය හා ස්ලෝවැකියා උපායමාර්ගික හවුල්කාරීත්ව සබඳතාව සිය රටට නව අවස්ථා ගෙන දෙනු ඇති බවත් විශේෂයෙන් ම විවිධ සහයෝගිතා පද්ධති හා යාන්ත්‍රණ ඵලදායී ලෙස භාවිත කළ හැකි බවත් Robert Fico මහතා සම්මුඛ සාකච්ඡාවට එක් වෙමින් පැවසීය.
මෑත වසර කිහිපය තුළ චීන-ස්ලෝවැකියානු ආර්ථික වෙළඳ සබඳතාව අඛණ්ඩව ශක්තිමත් වී තිබේ. මෙවර නිල සංචාරය අතරතුර Robert Fico මහතා චීනයේ Hefei නගරයේ පිහිටි විදුලි මෝටර් රථ බැටරි නිෂ්පාදන සමාගමකට ගොස් ඇත. එම සමාගම ස්ලෝවැකියාවේ ඒකාබද්ධ ආයෝජන වැඩසටහනක් ඇරඹීමට සැලසුම් කර තිබේ.
මෝටර් රථ ක්ෂේත්‍රයේ දෙරට පවත්නා සහයෝගීතාව පිළිබඳව හෙතෙම අදහස් පළ කළේය. විශාල පීඩනයකට පත්ව සිටියද චීනයේ නිෂ්පාදිත විදුලි මෝටර් රථවලට ඉහළ තීරුබදු අයකිරීමේ යුරෝපා සංගමයේ තීරණය ස්ලෝවැකියාව දැඩිව ප්‍රතික්ෂේප කරමින් ඊට විපක්ෂව ඡන්ද ලබා දුන් බව හෙතෙම සඳහන් කළේය. ස්ලෝවැකියාව ලෝකයේ ඉහළම ඒක පුද්ගල මෝටර් රථ නිෂ්පාදනයක් සහිත රටකි. එහි නිෂ්පාදන, චීනයට ද අපනයනය කෙරේ. ස්ලෝවැකියාවට විදුලි මෝටර් රථ නිෂ්පාදනය සේම, බැටරි නිෂ්පාදනය ද හඳුන්වා දීමට බලාපොරොත්තු වේ. චීන සමාගම් සමග පවතින යුරෝ බිලියන 1.4ක වටිනාකමින් යුතු සහයෝගීතාව ස්ලෝවැකියාවට නව රැකියා අවස්ථා 1300ක් ලබා දෙනු ඇති බවත් එය නවෝත්පාදන ක්‍රියාවලියක් වනු ඇති බවත් ස්ලෝවැකියා අගමැතිවරයා සඳහන් කර ඇත.
චීනයේ බැටරි නිෂ්පාදන ස්ලෝවැකියාවට යොමු කිරීම පිළිබඳව බොහෝ යුරෝපීය පාර්ශ්වයන් අප්‍රසාදයෙන් සිටින නමුත්, එය සැබවින්ම ස්ලෝවැකියාවට සහ සමස්ථ යුරෝපා සංගමයට වැදගත් වන බව අගමැතිවරයා පැවසීය. චීනයේ විදුලි මෝටර් රථ කෙරෙහි යුරෝපා සංගමය ඉහල තීරුබදු පැනවීම ද අනුවණ ක්‍රියාවක් බව ඔහු පැවසීයි. චීනය යුරෝපීය වටිනාකම් වලට ගරු කරන අතර, යුරෝපය ද චීනයේ සිය සංවර්ධන මාවත තෝරා ගැනීමේ අයිතියට ගරු කළ යුතුය. සහයෝගීතාවයෙන් පමණක් පොදු ජයග්‍රහණ ලබා ගත හැකිය. එය අනාගත ලෝකයේ ප්‍රමුඛ සංවර්ධන දිශානතියක් වනු ඇති බවද ස්ලෝවැකියා අගමැති Robert Fico මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි