පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත මාස 18 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ප්‍රශ්න කළ පාස්කු ප්‍රහාරය සිදු කරමින් මියගිය ස්වයං ඝාතක බෝම්බ කරු වන ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් හය දෙනෙක් ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද 22නියෝග කළා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් හමීඩ් ෆාතිමා හාදියා, අසරුඩීන් මොහොමඩ් ඉල්මි, අබ්දුල් හමීඩ් මොහොමඩ් රිෆාස්, මොහම්මදු මෂ්නුක් මොහහොම්මදු රිලා, මොහොම්මදු අමීර් එම් අයතුල්ලා, මොහොමඩ් මුබාරක් මොහොමඩ් රිෆායිල් යන අයයි.
මහේස්ත්‍රාත් වරයා එම නියෝගය සිදු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම සැකකරුවන් රැඳවුම් නියෝග අවසානයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් හමීඩ් ෆාතිමා හාදියා යන සැකකාරිය හෙට 23 පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිසමට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත් වරයා නියෝග කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්