ආනයනය කිරීමට නියමිත මෙට්‍රික් ටොන් ලක්ෂයක සහල් තොගය සම්බන්ධව කටයුතු කිරීම සඳහා අමාත්‍යාංශ පහක ලේකම්වරුන්ගෙන් සමන්විත ප්‍රසම්පාදන කමිටුවක් පත් කිරීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන කියයි.

ආහාර දෙපාර්තමේන්තුවේ වේයන්ගොඩ ගබඩාවේ ආරක්ෂිත තොගයේ සහල් ඇටයක්වත් නැති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා කීවේය.
මුදල්, වෙළෙද, කෘෂිකර්ම, වරාය කටයුතු සහ තාක්ෂණ කටයුතු යන අමාත්‍යාංශවල ලේකම්වරුන් පස්දෙනා මෙම ප්‍රසම්පාදන කමිටුවට පත්කිරීමට නියමිත බවද ඇමැතිවරයා පැවසුවේය.
‘‘ආරක්ෂිත තොගයක් ලෙස පවත්වාගෙන යෑමට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට නියමිතයි. නාඩුවලට සමාන සහල් වර්ගයකින් මෙට්‍රික් ටොන් පනස් දහසක්ද (50000) සම්බාවලට ආදේශ වන සහල් මෙට්‍රික් ටොන් පනස් දහසක්ද (50000) ආනයනය කිරීමට නියමිතයි. මේ සඳහා තරගකාරී ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැඳවා තිබෙන්නේ. සහල්වල පැවතිය යුතු සම්මතය අනුවයි සහල් ආනයනය කළ යුත්තේ.’’
ප්‍රසම්පාදන කමිටුවේ ලේකම්වරුන් පස් දෙනා සහල් මිලදී ගන්නවාද, මිලදී ගන්නේ නැද්ද, මිලදී ගන්නේ කොපමණ ප්‍රමාණයක්ද, මිලදී ගන්නේ කවර පාර්ශ්වයකින්ද යන්න තීරණය කරනවා.’’
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට