වයස අවුරුදු 27ක් වූ බාල සහෝදරයා විසින් වයස අවුරුදු 32ක් වූ තම වැඩිමහල් සහෝදරයාව පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති පුවතක් මිනුවන්ගොඩ වටිනපහ ප්‍රදේශයෙන් වාර්තා විය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඊයේ (25) අලුයම් කාලයේදී මෙම සිදුවීම ඇතිව තිබූ බවය.
ඝාතනයෙන් පසු බාල සොහොයුරා එම ප්‍රදේශයෙන් පළාගොස් ඇත.
මිනුවන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.
- Derana news
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට