පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මූලික වටයේ දෙවන තරඟය ජයගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් විය.
ඒ, බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 6කින් පරාජය කරමිනි.
තරඟයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ස්කොට්ලන්ත කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව, ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 140ක් ලබා ගත්තේය.
ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් එහිදී ක්‍රිස් ග්‍රීව්ස් ලකුණු 45ක් රැස්කළ අතර ජෝර්ජ් මුන්සි ලකුණු 29ක් රැස් කිරීමට සමත්විය.
මෙහිදී ස්කොට්ලන්ත ඉනිමේ කඩුලු 2ක් දවා ගනිමින් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට බංග්ලාදේශයේ ශකිබ් අල් හසන් අද සමත් වුණි.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 තුළ රැස්කළ හැකිවූයේ කඩුලු 7ක් දැවී ලකුණු 134ක් පමණි.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මුෂ්ෆිකුර් රහීම් ලකුණු 38ක් රැස්කළ අතර නායක මහමුදුල්ලා ලකුණු 23ක් රැස්කළේය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි