ටෙස්ට් ක්‍රිකට් පිටියෙ කඩුලු 500 ලබාගත් 7වන ක්‍රිඩකයා ලෙස එංගලන්තයෙ ස්ටුවට් බ්‍රොඩ් අද වාර්තා අතරට පැමිණියා.ඔහු 2007 වසරෙ ශ්‍රි ලංකා සංචාරයෙදි ටෙස්ට් වරම් ලබාගත් අතර පළමු කඩුල්ල ලෙස දවා ගත්තෙ චමින්ද වාස්ගෙ කඩුල්ලයි.
තම 140 වෙනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමිනුයි ස්ස්ටුවට් බ්‍රොඩ් මේ දක්ෂතාව දැක්වුවෙ.
ස්ටුවට් බ්‍රොඩ් සමග අද තරගය ක්‍රිඩා කල ජේම්ස් ඇන්ඩර්සන්ද මීට පෙර පෙර එංගලන්තය වෙනුවෙන් කඩුලු 500 දවාගෙන තිබේ.
කොදෙව් කණ්ඩායමට එරෙහිව අද ඔල්ඩ්ට්රැශඩ් හීදි අවසන් වු තුන්වන ටෙස්ට් තරගයෙදි ක්‍රේග් බ්රැත්වෙට්ගෙ කඩුල්ල ලබා ගනිමින් ස්ටුවට් බ්‍රොඩ් මෙ කඩඉමට පැමිණියා.
අද අවසන් වු තරගයෙන් එංගලන්ත කණ්ඩායමට ලකුණු 269 ජයක් ලැබුණු අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2-1 ලෙස ඔවුන් සතුවුනා.
තරගයෙ වීරයා ලෙස ස්ටුවට් බ්‍රොඩ් සමත්වුනා.
*චානක අරවින්ද
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්