මුස්ලිම් ජාතිකයන් බහුලව ජීවත් වන දකුණු ආසියාතික රටක් වන බංග්ලාදේශ තුළ ස්ත්‍රී දූෂණ සම්බන්ධව මරණීය දණ්ඩනය හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා.බංග්ලාදේශයේ ජනාධිපති සිල්ලූර් රහමන් එය නීතියක් බවට පත් කරමින් පනතක් නිකුත් කිරීමට නියමිත බවයි එරට අධිකරණ අමාත්‍යාවරයා ප්‍රකාශ කරන්නේ.
බංග්ලාදේශයේ 37 හැවිරිදි කාන්තාවකට අමානුෂික කල්ලියක් පහරදීමේ වීඩියෝ පටයක් සමාජ මාධ්‍යවල හුවමාරු වීමත් සමඟ පසුගිය සතියේ බංග්ලාදේශය පුරා විරෝධතා මතු වුණා.එමෙන්ම මේ වසරේ එරට තුළ අවම වශයෙන් ස්ත්‍රී දූෂණ 1,000 ක් වාර්තා වී ඇති බව සමාජ ක්‍රියාකාරීන් පවසනවා. ඒ අතර කාන්තාවන් අපකීර්තියට පත්වනු ඇතැයි යන බිය නිසා වාර්තා නොවූ සිද්ධි ද ඇතුලත් බවයි වාර්තා වන්නේ.
එරට තවත් කාන්තාවක් පසුගිය සතියේ උතුරු දිස්ත්‍රික්කයේ සිල්හෙට් හි නේවාසිකාගාරයකදී සමූහ දූෂණයට ලක්වූ බවට චෝදනා එල්ල වූ අතර එය පාලක පක්ෂයේ ශිෂ්‍ය අංශයේ සාමාජිකයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ද හේතු වී තිබෙනවා.මෙවැනි සිද්ධීන් සමග ඇති වූ විරෝධතා හේතුවෙන් බංග්ලාදේශය සති අන්තයේ උණුසුම් වූ බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. “ස්ත්‍රී දූෂකයන් එල්ලා තබන්න” සහ “ස්ත්‍රී දූෂකයන්ට දයාවක් නැත” යනුවෙන් සදහන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතා පවත්වා ඇත.එමෙන්ම ඩකා අගනුවර විරෝධතාකරුවන් විසින් ව්‍යාජ එල්ලුම් ගහක් ඉදිකර ඇත.මෙම විරෝධතා වලට ප්‍රතිචාර දක්වමින් එරට රජය මරණ දඩුවම ලබා දීමට තීරණය කර තිබෙනවා .
-ධීරේ-
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි