අපොස සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතුවල පළමු අදියර ජුනි 17 වනදා ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පවසනවා.
එහි පළමු අදියරේ කටයුතු ජුනි 26 වනදා දක්වා සිදු කෙරෙන අතර දෙවන අදියර ජුනි මස 30 වනදා සිට ජුලි 09 වනදා දක්වා පැවැත්වෙනවා.
පාසල් 85ක ඇගයිම් මධ්‍යස්ථාන 106ක් ක්‍රියාත්මක වන බවයි විභාග කොමසාරිස් ජනරාල් සදහන් කළේ.
මෙවර අපොස සාමාන්‍ය පෙළ (2021) විභාග පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා පරීක්ෂකවරු 32,368ක් සේවයේ යෙදවීමට නියමිත බවත් 2021 උසස් පෙළ පිළිතුරු පත්‍රවල ලකුණු ඇගයීම් ශාඛාව විසින් මේ වනවිට පරිගණක ශාඛාවට යවා තිබෙන බවයි ධර්මසේන මහතා වැඩිදුරටත් කියා සිටියේ
මැයි 23 වනදා ආරම්භ කළ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය අද (01) නිමා වුණා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්