ලබන වසරේ ජනවාරි මස 20 වනදා සාමකාමී ලෙස බල හුවමාරුව සිදුවනු ඇතැයි ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා පවසයි. ඊයේ (7) ධවල මන්දිරයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජනාධිපතිවරණයෙන් ජය ගැනීමෙන් පසු බයිඩන් මහතා ප්‍රකාශයක් සිදු කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
පසුගිය 6 වනදා ට්‍රම්ප් මහතා වෙත සුභපැතුම් පළ කරමින් සාමකාමී මෙන්ම ක්රමික වශයෙන් බල හුවමාරුව වෙනුවෙන් ට්‍රම්ප් මහතා ගේ කණ්ඩයම සමග සහයෝගිතා පැවැත්වීමට තමන් උපදෙස් දුන් බව බයිඩන් මහතා එහිදී සඳහන් කළේය. ඇමරිකා ජනාධිපති ධුරයට තේරී පත්වීමට නියමිත ට්‍රම්ප් මහතා ඊයේ(7) මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේ ලබන ජනවාරි මස ජනපති ධුරයට පත්වීමෙන් පසු තම ප්‍රථම කාර්යයන් ගෙන් එකක් වන්නේ නීතිවිරෝධි සංක්‍රමණ ප්රශ්නය විසඳීම හා ප්‍රබල දේශසීමා ස්ථාපිත කිරීම බවයි. නීතිවිරෝධි සංක්‍රමණිකයන් නෙරපා හැරීමේ පිරිවැය සම්බන්ධයෙන් හෙතෙම කියා සිටියේ මෙය පිරිවැය සැලකීමට ලක්කළ යුතු ප්‍රශ්නයක් නොවන අතර එය අනිවාර්යෙන්ම විසඳිය යුත්තක් බවයි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි