ඉතියෝපියාව අප්‍රිකාවේ “ස්ථාවරත්වයේ නැංගුරම” වන අතර, එහි සාමය සහ ස්ථාවරත්වය කලාපයේ දිගුකාලීන සාමය සහ ස්ථාවරත්වය සඳහා ඉතා වැදගත් බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (25) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී පැවසුවාය. ඉතියෝපියානු ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා චීනය දැඩි ලෙස ඉතියෝපියාවට සහාය දෙන අතරම, සාම සාකච්ඡා සක්‍රියව ප්‍රවර්ධනය කරමින් සහ සියලු පාර්ශ්ව අතර සම්මුතියක් ගොඩනඟමින් සිටී.
ඉතියෝපියාවේ ෆෙඩරල් රජය පසුගියදා එරට අඩිස් අබාබා අගනුවර සාම ක්‍රියාවලිය අගය කිරීමේ රැස්වීමක් පැවැත්වීය. ඉහත අවස්ථාවට චීන විදේශ අමාත්‍යාංශයේ අප්‍රිකානු කටයුතු සඳහා වූ විශේෂ දූත Xue Bing මහතා සහභාගි වූ අතර, එරට අග්‍රාමාත්‍ය අබී අහමඩ් මහතා අතින් ඇගයීම් සහතිකයක් ද ලබාගත්තේය
More Stories
චීන රජය මියන්මාරයට ලබා දෙන දෙවන සහනාධාර තොගය හෙට පිටත් කෙරේ
ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාව චීනය ප්‍රතික්ෂේප කරයි
තායිවාන දූපත ආසන්නයේ “Strait Thunder-2025A” නම් චීන හමුදා යුද අභ්‍යාසයක්