මෙවර 2021 සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම අද සිට තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් පවසනවා.
තහනම් කෙරෙන දිනය පසුගිය 17 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබුන නමුත් එය දීර්ඝ කිරීමට පසුගියදා තීරණය කර තිබෙනවා.
පසුගිය සති 02 පුරා රටේ පැවති අයහපත් වාතාවරණය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා සඳහන් කළේ.
මෙම නියෝග උල්ලංඝනය කරන බවට ලැබෙන තොරතුරු ළගම ඇති පොලිස් ස්ථානයට හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදුදා සිට ජුනි මස 01 වන දින දක්වා පැවැත් වෙනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට