අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වනවා. 2021 වසරේ දෙසැම්බර් මාසයේ පැවැත් වීමට තිබූ සාමාන්‍ය පෙළ විභාගය කොවිඩ් වසංගතය හේතුවෙන් මාස 05ක් කල් දමා තිබු අතර පසුව මැයි 23 වනදා විභාගය ආරම්භ වුණා.
මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින කිසියම් අපේක්ෂකයෙකුට ගංවතුර හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට අපහසු නම් ළඟම ඇති විභාග මධ්‍යස්ථානයට වාර්තා කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන සඳහන් කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්