අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වනවා.
මාර්තු 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා හාරලක්ෂ හැත්තැහතර දහස් එකසිය හතළිස් හත්දෙනකු (474,147) පෙනී සිටීමට නියමිත බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියේ.
මෙහිදී පාසල් අයැදුම්කරුවන් තුන්ලක්ෂ අනූ අටදහස් එකසිය අසූ දෙදෙනකු ද (398,182) පෞද්ගලික අයැදුම්කරුවන් හැත්තෑපන්දහස් නවසිය හැටපස් දෙනකු ද (75,965) විභාගයට පෙනී සිටින බවයි ඒ මහතා පවසන්නේ.
විභාග මධ්‍යස්ථාන 3663කදී මෙම විභාගය පැවැත්වීමට නියමිතයි.
මීට අමතරව මෙම විභාග කාලසීමාව තුළ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 534ක්ද ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් ද පවත්වාගෙන යන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
එසේම විශේෂ විභාග මධ්‍යස්ථාන වන රත්මලාන, තංගල්ල, මාතර, හලාවත, කොළඹ මැගසින් බන්ධනාගාරය, වටරැක සුනීත විද්‍යාලය, මහරගම අපේක්ෂා රෝහල, කෛනඩි නෆීල්ඩ් විශේෂ පාසල යන ස්ථානවල ද විභාගය පැවැත්වීමටයි නියමිතයි.
විභාගය ආරම්භ වීමට පැය භාගයකට පෙර සියළු විභාග අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව ද විවිභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම්දෙනවා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්