රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන තැපැල් සහ උප තැපැල් කාර්යාල 500ක් සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.
තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ තැපැල් සහ උප තැපැල් කාර්යාල 4000ක් පමණ ක්‍රියාත්මක වන බවයි.
එම කාර්යාල හරහා රජයේ කාර්යාලවල ලිපි බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බව ඒ මහතා පැවසීය.
කෙසේ වෙතත් සාමාන්‍ය තැපැල් සේවා කටයුතු යළි ආරම්භ කළ හැකි දිනයක් ප්‍රකාශ කළ නොහැකි බව තැපැල්පතිවරයා වැඩිදුරටත් කීය.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්