හැකි ඉක්මණින් විභාගයට පෙනී සිටින දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සුරක්ෂිත කරමින් සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේ පවත්වනවා. – අධ්‍යාපන අමාත්‍ය ජී ඒල් පීරිස්.හැකි ඉක්මණින් විභාගයට පෙනී සිටින දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සුරක්ෂිත කරමින් සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේ පවත්වන බවත් ඒම විභාග ප්‍රතිඵල මාස 03ක් ඇතුලත ඒනම් ජූනි මාසය වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන අමාත්‍ය ජී ඒල් පීරිස් මහතා පැවසුවේය.
Moiඔහු මේ බව පැවසුවේ කොවිඩ් 19 වසංගතය හමුවේ පාසල් පද්ධතිය පවත්වාගෙන යාම හා විභාග කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත්කිරීම සදහා අද (03) දින පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.ජූනි මස විභාග ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ජූලි මාසයේ උසස් පෙළ පන්ති ඇරඹීමට බලාපොරොත්තු වන අතර සාමාන්‍යයෙන් උසස් පෙළ පන්ති සැප්තැම්බර් මාසයේ ඇරඹෙන බැවින් මෙහිදී සිසුන්ට පාඩුවක් නොවන බව අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙම වැඩකටයුතු සාර්ථක ලෙස ඉක්මණින් කිරීමට අංග සම්පූර්ණ වැඩපිළිවෙලක් දියත් කර ඇති බවද ඔහු පැවසුවේය.මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 621000ක් පෙනී සිටීමට නියමිත වන අතර රටේ පවතින සමස්ථ පාසල් සංඛ්‍යාව වන 10165න් මෙම වකවානුවේදී විවෘත කළ හැක්කේ 5100ක් පමණක් බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේය.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්