මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින අපේක්ෂකයින්ට අදාළ අයදුම් පත්‍රය මෙතෙක් ලැබී නොමැති නම් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස ලබාගන්නා ලෙසට විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එහි මුල් පිටුවේ ‘අපගේ සේවා’ යටතේ ‘අ.පො.ස. සාමාන්‍යපෙළ විභාගය 2021’ විභාග ප්‍රවේශපත්‍ර බාගත කිරීම් නැමති අයිකනය තෝරා ඒ යටතේ නිවැරදි ජාතික හැඳුනුම්පත් අංකය හෝ විභාග අංකය ඇතුළත් කිරීමෙන් අදාළ ප්‍රවේශපත්‍රයේ පිටපතක් බාගත කර ගැනීමේ හැකියාව පවතිනවා.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර මේවන විට තැපැල් කර යවා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් කියා සිටියේ.
සාමාන්‍ය පෙළ විභාගය ලබන 23 වැනිදා සිට ජුනි මස පළමු වැනිදා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3844කදී පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම ප්‍රවේශ පත්‍රයෙහි නාම සංශෝධන විෂය සංශෝධන සහ මාධ්‍යය සංශෝධන ඇත්නම් එම සංශෝධන සිදුකර ගැනීමට ද පහසුකම් සලසා තිබෙනවා.
ලබන 18 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා එම සංශෝධන සිදුකළ හැකියි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට